IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අනුරපුර රෝහලේ විරෝධතාවක්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධාරින් ඇතුළු සියළු කාර්ය මණ්ඩලය අද (12)දින අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරතවුහ.

විවිධ පොස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරැ හෙද නිලධාරින් අනෙකුත් කාර්ය මණ්ඩලයත් රජරට වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසු සිසුවියන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.



අදහස් (12)

අනුරපුර රෝහලේ විරෝධතාවක්

Nihal Wednesday, 12 March 2025 02:28 PM

දූෂකයාගේ නිවස ඉදිරිපිට තමයි සුදුසුම තැන.

:       1       12

රට වැසියා Wednesday, 12 March 2025 02:55 PM

අයියෝ අපේ රටේ මොනවාද මේ වෙන්නේ? මේ වගේ නූගත් ජනතාවක් එක්ක, එන්න අපි පුනරුදයට යමු, පෝසත් රටක් - ලස්සන ජීවිතයක් හදමු...!

:       2       12

Che Wednesday, 12 March 2025 02:59 PM

වෛද්‍යවරුන් රැක ගැනීම ජනතාවගේ යුතුකමකි.

:       6       15

බද්රානි Wednesday, 12 March 2025 03:00 PM

අසරණ රෝගීන්ව හිංසනයට ලක්කරලා කාන්තා හිංසනය ගැන උඩු බුරන්න උඹලට ලැජ්ජා නැද්ද තිරිසන් නොමිනිසුනේ.. උඹලා කරන මේ සහගහන අපරාධය උඹලා පිටත් උඹලාගේ පරම්පරාව පිටත් පතිත වෙනවා!! හරිනම් උඹලා උද්ගෝෂණය කරන්න ඕනා ඔය රෝහල් පරිපාලනය කරන මහ එකාලට විරුද්ධවයි...

:       6       21

රම්බොඩ Wednesday, 12 March 2025 03:20 PM

ආම වාතයටත් වැඩවරන එක මෙයාලාගේ විදිහ.

:       4       9

ගමේ එකාලා Wednesday, 12 March 2025 03:32 PM

උගත් කිව්වාට ඉන්නේ මොලේ උඩ. උද්ඝෝෂණ කෙරුවාම ඔක්කොම හරිනේ...!

:       4       8

පිටරැටියා Wednesday, 12 March 2025 03:44 PM

සැකකරු අත්අඩන්ගුවට ගන්න නීතිය ක්‍රියාත්මක වෙද්දී, ලෙඩ්ඩු අසරණ කර විරෝධතා කරන රටක් ලොවේත් නැතුව ඇති...

:       4       10

රුවන් Wednesday, 12 March 2025 03:46 PM

බද්රානීගේ කතාව හරි එක පැත්තකින්, සවුදියේ නම් ඔය ස්ත්‍රී දූෂණයාගේ අවයවය කපලා මරණ දඬුවම දෙනවා දුක් විඳවලා. වර්ජනය කරපු අයගෙත් අත් කපනවා. එතකොට හැමෝම වැරැදි කරන්න බයයි.

:       3       4

Kamal Koyrala Wednesday, 12 March 2025 03:57 PM

වෛද්‍ය සංගම් සහ රෝහල් සේවකයෝ විපතට පත් වෛද්‍යවරිය තවතවත් අපහසුතාවයට පත්කරනවා මෙන්ම ස්ට්‍රයික් කාලය තුළදී රෝගීන් මියගිය හොත් මේ සියල්ලන් මිනී මැරීමේ චෝදනාවට යටත් වෙනවා.

:       1       3

kam Wednesday, 12 March 2025 05:05 PM

හරි. හරි. අපිත් ඉන්දියාව වගේම වෙමු. ඉන්දියාවේත් ඔහොම දෙයක් ළඟදී වුණානේ...!

:       0       1

Mohan Mangala Mapa Wednesday, 12 March 2025 05:50 PM

අයියෝ දොස්තරලාට මොලයක් නැද්ද? ස්ට්‍රයික් කළාම අහිංසක රෝගීන්ට වෙන්නේ මොකක්ද? නීතිය වැරැදිකරුවන්ට දඬුවම් කරාවි.

:       2       4

CjWednesday, 12 March 2025 11:03 PM

වෛද්‍යවරුන් පමණක් නොව සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයම වැඩ වර්ජනයක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28429 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10931 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site