(බන්දු තඹවිට)
අනතුරකට ලක්වී කුඩා ලොරි රථයක සිරවී සිටි තරුණ රියදුරෙකු එම ලොරි රථයේ දොරවල් කඩා මහත් පරිශ්‍රමයකින් එළියට ගෙන දිවි බේරීමේ සිදුවීමක් වැලිපැන්න හිදම්පල ප්‍රදේශයෙන් අද (02) උදැසන වාර්තා විය.
මෙසේ බේරාගෙන ඇත්තේ ඉත්තපාන කුඩා මාලඹේ උදාර සම්පත් නම් තරුණයෙකි.
අද උදැසන 6.30 ට පමණ ඉත්තපාන දෙස සිට ලෙව්වන්දුව දෙසට ධාවනය කරමින් තිබු මෙම කුඩා ලොරි රථය හිදම්පල ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබු බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට ලක්වීමෙන් පසුව ලොරි රථයේ රියදුරා රියදුරු ආසනය තුලම සිරවීම නිසා ඉවතට පැමිණීමට නොහැකිව රුධිරය බේරෙමින් දැඩි වේදනාවෙන් පෙළෙමින් සිටියදී හිදම්පල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් එක්වී අලවංගු කඹ උපයෝගී කර ගනිමින් දැඩි වෙහෙසක් දරා ලොරි රථයේ දොරවල් කඩා තුවාලකරු එලියට ගැනීමට කටයුතු කළේය.
අනතුරුව 1990 සුව සැරිය ගිලන්රථය මගින් තුවාල කරු ඉත්තෑපාන රෝහලට ගෙන යාමට කටයුතු කළ අතර හිදම්පල ප්‍රදේශවාසීන්ගේ උත්සාහය නිසා එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අනතුරකින් රියදුරු අසුනේ සිරවූ තරුණයාගේ දිවි බේරාගනි