
(අංජුල මහික වීරරත්න)
රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ අනාගතයේ භාරගත හැක්කේ රටේ අනාගතය ගැන කතා කරන අයට පමණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් අපනයනය සඳහා යොමු විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව එළැඹ තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් අවලංගු කරන බව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් තොරව අපනයන ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.
ඡන්දදායකයින් ලෙස මේ පිළිබඳ හොඳින් අවධානය යොමුකර සිය තීරණය ගත යුතු බවත්, රටක් ලෙස වෙනස් වීමට සූදානම් නම් අනෙකුත් ක්ෂේත්‍රවල ද වෙනස්කම් ද සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ කොළඹ ගලදාරි හෝටලයේදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් "බුද්ධිමත් නායකත්වයක් සමඟ බැංකුකරුවෝ" යන තේමාව යටතේ සංවිධානය කළ බැංකුකරුවන් සහ මූල්‍ය කටයුතු පිළිබඳ සමුළුවට එක්වෙමිනි.
මෙම සමුළුවේදි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකාව පසුගිය වසර දෙක තුළ අත්පත් කරගත් ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කළේය.

COMMENTS
තවමත් අට වන ජනාධිපති නේද? ජනාධිපති කෙනෙක් වුණාම මීට වඩා වගකීමකින් කතා කරන්න ඕනෑ කියලා තේරෙන්නේ නැති හැටි. පොඩ්ඩක් කියවලා බලන්න ඔයාගේ මූලික ප්‍රතිවාදී දෙන්නාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන.
අනුර පරදිනවා කිය කිය කතාකරන්නෙම අනුර ගැන... ඇයි මේ?
සෙට් එකක් එකතු කරන් හෝටලයට ගෙනැල්ලා කන්න බොන්න දීලා ඡන්දය හිඟාකන දෙකයි පනහෙ කෙනෙක් එක්ක මොන ජනාධිපති කම්ද? තව ටික දවසයි. ඊට පස්සේ පඩික්කමට ගන්නවත් සුදුසු නෑ.
මෙන්න මේ මනුස්සයා මානසික ලෙඩෙක්ද පෙන්නන්න..?
වසර ගාණක් අගමැතිකම් කරලා කරපු හරිය ඇති... දැන් ගෙදර යන්න.
මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා... තව සති 02ක් ඉන්න මනුස්සයාගේ කතා අහන්න යන්නේ, නිකන් කාලය නාස්ති කරනවා. රටට වැඩක් කරන්නේ නැතිව...
මාලිමා අයගේ රස්තියාදු මන්ද මානසිකත්වය කමෙන්ට්වලින් පේනවා....
ඔබතුමා අතීතයේ මේ රටට කරලා තියන වින්නැහිය හොඳටම ඇති.. මහා බැංකුව සුරාගෙන කාලා පක්ෂය පොහොසත් කරලා, පාස්කු ප්‍රහාරය වෙනකම් ඇස් පියාගෙන ඉඳලා, ඡන්දෙනුත් පැරැදිලා, හොර කල්ලියේ ඡන්ද වලින් පිනට ජනාධිපති වෙලා, හොරුන්ව ආරක්ෂා කළ ඔබතුමාට තවත් අනාගතයක් තියනවාද කියලයි මට නම් අහන්න තියෙන්නේ..? තිබුණු ණයත් නොගෙවා, තවත් ණය අරගෙන ජනතාවට බදුත් ගහලා, ගෑස් ටිකයි, තෙල් ටිකයි මේ රටට ගෙනාපු එකද ලොකුම හපන් කම..? ඕක ලංකාවේ අයට මහලොකු දෙයක් වුණාට, ලෝකයේ ඕනෑම මෝඩයෙකුට කරන්න පුළුවන් දෙයක්නේ..? සංවර්ධිත රටවල නායකයින්ගෙන් යමක් ඉගෙන ගන්න මෙතැන පම්පෝරි නොගහ...
අපි මොහොතකට හිතමු (කවදාවත් මෙයා ජනාධිපති වෙන්නේ නැහැ !!! ) මේ සියා රටේ ජනාධිපති වුණත් වැඩක් නැහැ. මේ දවස්වල මේ හාදයා රාජ්‍ය දේපළ, බලය අවභාවිතා කරලා කරපු අසමජ්ජාති වැඩ ඔක්කෝම වීඩියෝ සාක්ෂිත් සමග ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළාම අකුලාගෙන ගෙදර යන්න වෙනවා.
රනිල්, එතකොට රටේ ජනතාවගේ ඡන්දයෙන් නැතිව හොරු 134 දෙනෙක්ගේ හොර ඡන්දයෙන් ජනාධිපතිවෙලා අන්තිමට රට විකුණන්න අයිතියක් තියෙනවද? තමුන් සිටිය යුත්තේ පිස්සන් කොටුවේ. නමුත් තමන්ගේ අතීතයේ වැඩ කිඩ ඔක්කෝම නිසා ළඟදීම හිරේ යනවා ජීවිතාන්තයටම. !!! # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුරකුමාර සහෝදරයා ජනාධිපති !!!
පිස්සන් කොටුවෙන් පැනලා ඇවිත් තැන තැන මොනවද කියවමින් ඇවිදිනවා වගේ...!
ජනාධිපතිකමේ ඉඳන් නැවත ඡන්දෙ ඉල්ලපු කෙනෙක් මේ වගේ පිස්සු කරලා නෑ. මීට ඉස්සර නම්.
මේකේ කොමෙන්ට් දාලා තියෙන වැඩි හරියක් 88/89 කාලේ එක්කෝ ඉපදිලා හිටිය අය නෙමේ. නැත්නම් බත් ගිල ගිල හිටපු අය. උන් කොහොමත් විවේචන දරාගන්න බැරි රස්තියාදු කාරයෝ මිසක් දේශපාලනය ගැන දන්නා අය නෙමේ. එක විශ්ව විද්‍යාලේ හොඳින් දැක්කා...
රනිල් එක්ක ඉන්නේ හොරු හොරු කිව්වට අන්න අනුර එක්ක ඉන්න ලොකු නායකයෙක්ව අත් අඩංගුවට ගන්න ගල්කිස්ස උසාවියෙන් වරෙන්තු නිකුත් කරලා ලක්ෂ 36 ක් වංචා කලා කියලා. ඇත්තටම දැන් කවුරු එක්කද හොරු ඉන්නේ?
මාලිමාවට කිසිම විදියකින් මේ රටේ බලයක් නොයා යුතුයි. රනිල්ට දෙන්නේ නැති අය සජිත්ට දෙන්න. මාලිමාව ආවොත් මේකේ ඉන්නවා වගේ ම්ලේච්චයෝ අතට බලය ගිහින් මේ රට වැද්දන්ගේ, ම්ලේච්චයන්ගේ රටක් වෙනවා.
මාලිමාවට කිසිම විදියකින් මේ රටේ බලයක් නොයා යුතුයි. රනිල්ට දෙන්නේ නැති අය සජිත්ට දෙන්න. මාලිමාව ආවොත් මේකේ ඉන්නවා වගේ ම්ලේච්චයෝ අතට බලය ගිහින් මේ රට වැද්දන්ගේ, ම්ලේච්චයන්ගේ රටක් වෙනවා.
සාමාන්‍ය අපේ ගෙවල්වල සිටින අතිශය බහුතරයක් අවුරුදු 65 පැනපු සීයලගේ ආච්චිලාගේ හැසිරීම් රටාව බලන්න. ඔවුන් බොහෝදුරට දුර්වලයි, තනියම තම වැඩ කොටසවත් කරගන්න බැහැ. සිහිකල්පනාවක්, ඉවසීමක් නැහැ. එකම දේ නැවත නැවත කියනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරහ යනවා, දුක්වෙනවා, සෝසුසුම් හෙලනවා. පොඩි ළමයි වගේ නේද..? දේශපාලඥයිනුත් මේ ලංකාවේ උපන් මිනිසුන් නේද..? ඔවුන් දිව්‍යලෝකයේ සිට ඕපපාතික වූ දිව්‍ය කොට්ඨාශයක් නොවෙයි නේද..? ඉතිං මේ උතුම් රට ජනාධිපතිකම්, අගමැතිකම් නාමයෙන් වැඩි කාලයක් පාලනය කළේ මෙවන් මන්ද මානසික ලෙඩ්ඩු පිරිසක් නේද..? විශේෂයෙන් මහින්ද මහත්තායාගේ පළමුවෙනි පාලන කාලයෙන් පසු එතුමා රූකඩයක්වගේ සිටියේ වෙන කෙනෙක් කියන, ලියන දේ එතුමා කරනවා කියනවා. ඊළඟ පාර්ලිමේන්තුවේදී විශේෂ කටයුත්තක් ලෙස ව්‍යවස්ථාව සංසෝධනය කර දේශපාලඥයින්ට තිබෙන වරප්‍රසාද සියල්ල කපාහරින්න ඕනෑ ඒවගේ සෙසු රාජ්‍ය සේවකයින්ට වගේ මැති ඇමැතිකම් දරන්න නිශ්චිත වයස් සීමාවක් පැනවිය යුතුමයි. අවමයෙන් එය වයස 65ටවත් සීමාකළ යුතුයි.. බලන්න රනිල් මහත්තයාගේ වයස කීයද..? එතුමා 2023 සිට 2048 ගැන කථාකරනවා මොනතරම් ජුගුප්සා ජනකද...?