
(රොෂන් තුෂාර)
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම අද(17) ප්‍රතික්ෂේප කළේය.
සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කර සිටි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්‍රශ්න කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියේ ස්වාධීනත්වය පාලකයන් විසින් ඩැහැගත්තු සාමාන්‍ය මිනිසුන් සතුරන් සේ දකින, සාමාන්‍ය මිනිසුන්ට මැරයන් ලෙස පෙනෙන ශ්‍රී ලංකාවේ නීතිය රැකීමේ ආයතනයයි මේ. ස්වාධීන පොලීසියකින්, අධිකරණයකින්, රාජ්‍ය ව්‍යූහයකින් වැඩිම තර්ජනය තියෙන්නෙ ධනය, බලය අවභාවිතා කිරීමට නොලැබෙණ වරප්රසාදලත් අයටයි. උන්ට අවශ්‍යය තමන්ගේ නීතිවිරෝධී ක්‍රියා ගැන පියවර නොගන්නා පද්ධතියකුයි. එතකොට තමයි ජාතික ධනය කොල්ලකෑමට, රටේ පොදු හා පෞද්ගලික ඉඩම් මංකොල්ලකෑමට හා විවිධ අපචාර ක්‍රියා දඩුවම් නැතිව කරන්න පුළුවන්. මේවා දකින වරප්‍රසාද නැති මිනිසුන්ද ඒ නායකයින්ව අනුගමනය කරල ඒ හා සමාන මාර්ගවලින් ධනය, බලය උපයන්න පටන්ගන්නවා. කප්පම්ගැනීම, හොර අරක්කු, ගණිකා නිවාස මත්කුඩු ජාවාරම, කුලියට මිණීමැරීම, බැංකු මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණ, ප්‍රාදේශීය චන්ඩි ඇතිවීම මේවාවල ප්‍රතිපලයි. අද අපි අත්විඳින අපේ රටේ යථාර්ථය මෙයයි. හිතල බලන්න කවුද මේවට වගකියන්න ඕන හා කවුද මේවා පිටුපස ඉන්නේ කියල.
එයා බැරිනම් වත්මන් පොලිස්පතිවත් අල්ලමුද?
මේ රට හදන්න ලුලුවන් ලොකුම ආයතනය තමයි අධිකරණය.වැරදි කරපු එවුන් අහුවුනොත් දෙන්න ඕන ඇඩෙන්නම.ඔය රාජ්‍ය සේවයේ ලොකු ලොකු පුටුවල ඉන්න තරතම් ඉන්නේ දුෂිත නිලධාරින්. දේශපාලකයින්ට වඩා මේ රට විනාශ කලේ උන් තමයි. දන් දකුණු පළාතේ ඉන්න ආණ්ඩුකාරයත් කලින් පරිපාලන සේවයේ කෙනෙක් . එයා රජයට වඩා පරිපාලන සේවයේ දූෂිතයෝ ආරක්ෂා කරනවා. ආණ්ඩු වෙනන් වුනාට පරිපාලන සේවයේ ඉන්න අය අදටත් වෙනස් වෙලා නැහැ. ගිය ආණ්ඩුාව් හිටපු අයම තමයි මේ ඉන්නෙ. ඉතිං කොහොමද රටක් හරියන්නෙ.දකුණේ දේශපාලකයින්ටත් ඒ ගැන වගේ වගක් නැහැ.