
(සුජිත් හේවාජුලිගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
අවුරුදු සමයේදී අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය සැලකිය යුතු ලෙස වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරු වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් මෙලෙස ඉල්ලීම් කෙරේ.
එසේම අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගැනීම හෝ අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසද මාර්ග අධ්‍යක්ෂවරයා ඉල්ලීම් කරයි. අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසටද ඉල්ලා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි 90 විතර යනකොට ප්‍රයිවට් බස් හෝන් ගහගෙන සිං ගාලා ඉස්සර කරනවා. කවුරු හරි දැකලා තියෙනවද මගී ප්‍රවාහන බස් වේග සීමා ඉක්මවා ගිහිල්ලා අල්ලා තියෙනවා..?
දැනුම් දීම් නොවේ... මාර්ග සංඥා පුවරු සහ අවුරුදු ආදායම සරු නිසා CCTV මොනිටරින් සිස්ටම් හෝ කැමරා පද්ධති සකස් කරන්න.