
(කේ. බුද්ධික කුමාරසිරි)
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි . හැබැයි සමහර සැහැල්ලු වාහනවල පිටි පස බඳ පටි වෙනුවට කොහු ලණු වලින් හදා ගත්තු පටි තමයි දාන්න වෙන්නේ
අධිවේගයේ යන වෑන්, බස් ගණන 90% කින් විතර අඩු වෙයි අද ඉඳල
එතකොට ඔඩොක්කුවේ යන අයට මොකක්ද දාන්න ඕන පටිය...?
මෙහෙ තියෙන තරමක් වැන් බඩු අදින වෑන්, ඒවා අඩුවට ගෙනත් සීට් ගහලා දුවන ඒවා. ඒවා වල සීට්බෙල්ට් තියා වහලේ හරියට කුෂන් කරලාවත් නැහැ. පස්ස වීදුරු අරින්න බැහැ. ඔය වාහන කොහොමද හයිවේ යන්නේ? ආණ්ඩුව බදු ගැහුවාම වෙන දේවල් තමයි ඔය. මිනිස්සු බෝලේරෝ කැබ්වල සීට් ගහන් යන්නේ ආසාවට නොවෙයි... වෙන විකල්පයක් නැති නිසායි..
ආසන පටි පැළඳීමෙන් ආරක්ෂා වන්නේ තමන්වමයි. රිය අනතුරකදී ආසන පටි පැළඳ සිටි අයකු මිය යාමේ සම්භාවිතාව එසේ නොකළ අයකු මිය යාමේ සම්භාවිතාවට වඩා ඉතා අඩුයි. මේවා පැළදිය යුත්තේ අවබෝධයෙන් මිස, පොලිසිටය, නීතියට ඕනෑවට නොවේ. මේ ගැන කිසිම අවබෝධයක් නැති ජනතාව ඉස්සෙල්ලාම දැනුවත් කර වැඩේ පටන් ගත යුතුයි. ලංකාවේ මිනිස්සු ආරක්ෂාව ගැන ඇති දැනුවත්භාවය බින්දුවයි.