IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අධිවේගයට යළිත් STF

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා  නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්  අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි.  සූරිය බණ්ඩාර මහතා පැවසීය.

ඉකුත් රජයේ සමයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය මගින්  මීට වසරකට පමණ ඉහතදී එම කටයුතු වලින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඉවත්කර රක්නා  සමාගමේ ආරක්ෂක නිලධාරීන් වෙත පැවරිය.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය , දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව  , කොළඹ පිටත වටරවුම් මාර්ගය , නව කැලණි පාලම හා සහ කොළඹ කටුනායක මාර්ගයන් හි වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 100 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට යෙදවීමටත්  ඊට අමතරව  මේ වන විට විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගය නව කැලණි පාලම ,කොළඹ පිටත වටරවුම්  මාර්ගය හි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපළ සොරා ගැනීම්  සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඒවා ආරක්ෂා කිරීම සඳහා  20 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා  නිලධාරීන්ද  යොදවා තිබේ.

 

 

 



අදහස් (3)

අධිවේගයට යළිත් STF

ගුණරත්න Tuesday, 11 March 2025 01:22 PM

කලින් ආණ්ඩුව බල්ලාගේ වැඩේ ගොනාට දුන්න, දැන් ආණ්ඩුව බල්ලාගේ වැඩේ බූරුවාට දෙන්න හදන්නේ. කාටවත් තේරුමක් නැහැ නේ මේක බල්ලාගේ වැඩක් කියල? අධිවේගී මාර්ගයක ගලවාගනීම් කරන්න මොවුන්ට සුදුසුකම් තියෙනවද?

:       11       2

Shammi SamuelTuesday, 11 March 2025 02:39 PM

ගුණේ, දන්නේ නැති දේවල් නොකියා ඉන්න. STF වල විශේෂ පුහුණු ඒකක තියෙනවා. ඔවුන් වැඩේ කරයි.

:       1       0

සෙනෙවිරත්න Wednesday, 12 March 2025 01:00 AM

ගුණරත්න ,බල්ල බූරුව නෙවෙයි, රක්නලංකා කාගෙද කියල හොයල බලන්න. එතකොට අපට තේරෙනව වැඩේ අරමුණ කුමක්ද කියල? හැට පැනපු උන් සහ හමුදාවෙන් ඉවත්ව ගිය උන් ඉන්න පෞද්ගලික ආරක්ෂක සේවයකට වඩා වෘත්තිය ආරක්ෂකයො නරක් වෙන්නෙ කොහොමද කියන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site