
(අංජුල මහික වීරරත්න)
ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
යුක්තිය පසිදලන ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන මොහොතක උත්තරීතර නීතියේ සඳහන් නොවන තුන්වැනි පාර්ශ්වයකට සමාජ මාධ්‍ය ජාලා හරහා නීතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
එවැනි උත්තරීතර නීතියට පරිබාහිර තුන්වැනි පාර්ශ්වයක් සමාජ ජාලා හරහා නීතිය පසිදලීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පූර්වයෙන් අනාවැකි පළ කිරීම භයානක තත්ත්වයක් බවද ප්‍රේමදාස මහතා පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමට නම් රටක ජනතාව යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියා විශ්වාස කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජනතාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සමාජ මාධ්‍ය ජාලා වල පුද්ගලයකු මේ සිදුවීම සිදුවන ආකාරය ගැන පෙර සිටම ප්‍රකාශ කිරීම බරපතල ගැටලුවක් බව කී සජිත් ප්‍රේමදාස මහතා එය අධිකරණයට, උත්තරීතර නීතියට කරන අපහාසයක් සහ මේ ක්‍රියාදාමයේ නියැලී සිටින සියලු දෙනාට කරන අභියෝගයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත මරු පහරක් එල්ල කිරීමක් බව පැවසීය.
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සහ නිතියේ ආධිපත්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් බැවින් මෙය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු වුවත් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමට පෙර අධිකරණ තීන්දුවක් පූර්වයෙන් සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයකු ප්‍රකාශයට පත් කිරීම ගරු අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය හෑල්ලූවට ලක් කිරීමක් බවත් මේ ගැන ස්වාධීන අධිකරණය නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිකරණයට අපහාස කරපු, වරෙන්තු නිකුත් කළාම හැන්ගිලා ඉන්න අය රටේ නැතුවටද? සමාජ මාද්‍ය වල දූෂිත දේසපාලුවන් වෙනුවෙන් පෙනී සිටින බොරුව සමාජගත කරන අයත් ඕන හැටියේ?
මෙතුමා නම් කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ... රනිල්ව හිරකළේ මිනිස්සුන්ගේ සල්ලි ගසාකාපු හන්දා කියන එක... මෙයාට තේරෙන්නේ නැති හැටි...
දැන් මම කියනවා බටලන්දේ නඩුවෙන් අනිවාර්යයෙන්ම රනිල් ජීවිතාන්තයටම හිරේ යනවා කියලා. පුතානෝ..ඔයාගේ පියානෝ හිටියානම් ඔයටිකම තමයි වෙන්නේ...
රටේ ඉහළම අධිකරණය වැරැදිකාරයෙක් කරපු මිනිහෙක්ට පොලිස්පතිකම දීම, අධිකරණයට ගරු කිරීමක් වෙන්ටෑ...
ළාමක ටින් ටින්ට සාමාන්‍ය දැනුමවත් නැතුවා. කරුණු කාරනා සියල්ලක්ම ඉතාම හොන්දින් විමර්ශනය කර, විනිසුරුවන් විසින් ගනු ලැබූ අදිකරණ තීන්දුවක් මිස කාගේවත් අනාවැකි වලට ගත් තීන්දුවක් නොවන බව ඉතාම පැහැදිලියි..
යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු පාර්ලිමේන්තු ඉඳලා කිව්වා, හෙට ගන්නේ කවුද? ඊළඟ සුමානේ ගන්නේ කවුද කියලා... දැන් මුකුත් මතක නෑ....
රනිල්ගේ සිරගතවීම යනු සජිත්ට දේශපාලන ලකුණු දමාගැනීමට අවස්තාවක් නොවේ...
රනිල්ට එරෙහි නඩුවේ තීන්දුව ගැන පුරෝකථනය කරන්න තිබුනේ හැකියාවන් දෙකක් පමණයි. රිමාන්ඩ් කිරීම එකක්. අනෙක ඇප ලබාදීම. ඒක යූ ටියුබ් කාරයෙක් රුමාන්ඩ් කරාවි කියනකොට තව බොහෝ අය කිව්වේ ඇප ලැබේවි කියලයි. එතකොට ඇප ලැබුණා නම් ඒකත් අවුල් වෙන්න ඕන නේද? මෙතැන ප්‍රශ්නය වන්නේ සමාජ මාධ්‍ය තුළ සදාචාරයක් ගොඩ නැංවීමට නොහැකිවීමයි. දැන් ලෝකයේ ඕනෑම කෙනෙකුට ඕනෑම හිතලුවක් සමාජගත කරන්න පුළුවන්. ජනතාවත් ඒ හිතළු අහන්න කැමැතියි. මෙයින් අධිකරණයට බලපෑමක් වෙනවායි කියන එක ඉතා ප්‍රාථමික අදහසක්. සජිත් වගේ කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
තමුන්වත් නුදුරු අනාගතයේ අත්අඩංගුවට පත්වෙයි. නිධන් හාරපු ඒවා ගැන. මේකත් නීතියට අපහාසයක්ද? අනේ නිකන් යන්න සජියෝ යන්න.