(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූහ.
අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් අමාත්‍යවරයා කීවේය
මේ අනුව ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවද ඔහු සඳහන් කළේය.
නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී පැවසීය.
මේ නිසා මෙම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන් අතර ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් (G2G) සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කොට ඇති බව පැවසීය.
තවද මෙහිදී ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලි බල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය පැවති කාලසීමාවේදී බොහෝ ඉංජිනේරුවන් විදෙස්ගතවී ඇති බවත් මේ නිසා පුරප්පාඩු පවතින බවත්ය. නමුත් පසුගියදා කොටස් 3ක් වශයෙන් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමතිය ලැබී ඇති බවත් එහි පළමු කණ්ඩායම ඉදිරියේදී බඳවාගැනීමට කටයුතු කරන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එසේම මෙහිදී හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ පද්ධතියේ ඇතිවන සුළු වෙනසකදී පවා පද්ධතියම අස්ථාවර වීමේ හැකියාවක් පවතින බවයි. මේ නිසා සූර්ය බලශක්තිය වැනි අනෙකුත් බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට මේ දිනවල උත්සාහ කරන බව ඔවුහු පෙන්වා දුන්හ.
තවද වීදි ලාම්පු ප්‍රමාණවත් ආකාරයෙන් නඩත්තු නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීම අවශ්‍යතාවය කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අදානිගෙන් ඉවත් වෙලා නෑ
ගුණරත්න Sunday, 09 March 2025 08:46 AM
ආණ්ඩුවේ මාරි මෝල්කම නිසා විදුලි බිල අඩු කළා, ඒත් බිල් එහෙම්ම තියාගෙන ලැබෙන අතිරික්ත මුදල් යොදවලා රටේ විදුලිබල පද්ධතිය අලුත් කරන්න තිබුණා. අවුරුදු පතා ලැබෙන කෝටි 14,000ක් වගේ මුදලක් ලාබ විදියට තියෙද්දී ලෝකේ ඕනෑම බැංකුවකින් ණයක් ගන්න වුණත් පුළුවන්. එහෙම වුණා නම් ස්ථාවර මිල අඩු විදුලිබලය සපයන්නත් පුළුවන්..., එතකොට බිල කොහොමත් අඩු කරන්න පුළුවන්, ඒත් මෝඩ මාලිමාවුන් එක කා ගත්තා. දැන් පරණ පද්ධති අලුත් කරන්න නම් විදේශ ආධාර හිඟා කන්න ඕනෑ. ඕක නිසා තමයි කියන්නේ පළපුරුද්දත් වැදගත් කියලා...