IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අතරමඟ නැවතුණු වැඩ එකොළහක් යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන විෂය පථයට සම්බන්ධ තාවකාලිකව අත්හිටුවන ලද ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2021 වසරේදී හා ඉන් අනතුරුව ආරම්භ කරන ලද ව්‍යාපෘති 18 ක ඉදිකිරිම් කටයුතු ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට, ක්‍රියාත්මක කිරීමේ වේගය අඩාල කිරීමට හෝ අන්‍යෝන්‍ය අවබෝධයෙන් අත්හිටු වීමට සිදු වී ඇත. 

එසේ අත්හිටුවන ලද ව්‍යාපෘති 18 ක් අතුරින්, ව්‍යාපෘති 6 ක කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඒ අනුව, වැඩ අවසන් නොකරන ලද පහත සඳහන් ව්‍යාපෘති වල කටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වලපනේ යෝජිත සතිපොළ හා බහුකාර්‌ය ගොඩනැගිල්ල ඉදිකිරීම,දවුලගල සතිපොළ සහ රථගාල සංවර්ධනය, මුලතිව් බස් නැවතුම් පොළ සංවර්ධනය,හබරණ සනීපාරක්ෂක පහසුකම් සහ භූ දර්ශන වැඩි දියුණු කිරීම,රුවන්වැලි සෑය රථවාහන නැවතුමේ සිට ජේතවනාරාමය දක්වා පෙත් මග සංවර්ධනය,පොළොන්නරුව නව නගරයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම,අම්පාර සතිපොළ ඉදිකිරීම,දෙයියන්දර බස් නැවතුම්පොළ සංවර්ධනය,ගම්පහ පොදු වෙළෙඳපොළ සංවර්ධනය,පේරලන්ද තෙත් බිම් උද්‍යානය සංවර්ධනය,පානදුර පොදු වෙළෙඳ පොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය.

 

 

 



අදහස් (0)

අතරමඟ නැවතුණු වැඩ එකොළහක් යළි අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site