IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අතරමග නැවතුණු ගුවන් පාලම් දෙකක වැඩට කොළ එළි

(අංජුල මහික වීරරත්න)

කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හංගේරියානු රජය සමග ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති මූල්‍ය සහයෝගිතාව සඳහා වන රාමුගත ගිවිසුම යටතේ ලැඛෙන අරමුදල් මඟින් කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

එවකට පැවති ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, හංගේරියාවේ එක්සිම් බැංකුව විසින් අරමුදල් සැපයීම අත්හිටු වීමෙන් අනතුරුව, කොන්ත්‍රාත්කරුගේ අරමුදල් යටතේ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන් කර රථවාහන ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබේ.

එසේ වුවද, බිම් මට්ටමේ මාර්ග නිම කර නොමැති බැවින් පදිකයන්ට දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුව ඇත. එසේම, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අත්හිට වූ තත්ත්වයෙන්ම තවදුරටත් පවතී.

 ඒ අනුව, වත්මන් කොන්ත්‍රාත්කරු හරහා දේශීය අරමුදල් යොදා ගනිමින්, කොහුවල ගුවන් පාලමේ නිම කර නොමැති බිම මට්ටමේ මාර්ග සම්පුර්ණ කිරීමටත්, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමටත් ප්‍රවාහන මහාමාර්ග  හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (4)

අතරමග නැවතුණු ගුවන් පාලම් දෙකක වැඩට කොළ එළි

Che Wednesday, 17 September 2025 10:09 AM

Highway ඉදිකිරීම ප්‍රමාද වීමෙන් ඇති වු පාඩුව පඬුකරඳ දේවානී නොනාගෙන් අය කරගත යුතුය.

:       7       14

අරුණි Wednesday, 17 September 2025 11:17 AM

මහින්ද මහතා 2005 මැද බලයට ඇවිල්ලා අවු 3 1/2 කින් දැවැන්ත යුද්දයක් හමාර කරලා ඊට පස්සේ ලෝකේ වටෙන්ම ආයෝජකයන් ගෙන්වාගෙන, බලාගාර, වරාය, ගුවන්තොටුපළ, රෝහල්, ක්‍රීඩාපිටි, මෙකි නොකී අති දැවැන්ත සංවර්ධනයන් ඇතිකොට දළ ජාතික ආදායම ඉතිහාසගත උපරිමයකට ගේන්න ගියේ ටික කාලයයි. අද මේ පචයෝ එක පාරක් හදාගන්න බැරුව තාමත් නැකත් බලනවා. ජනතාවට පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි තැනකට ඇද දාලා අඩුවක් නැතිව කන්ටේනර් ගණන් මත්ද්‍රව්‍ය ගේන්න නම් සැලසුම්න් හොඳටම තියෙනවා.

:       11       10

දිනේෂ් Wednesday, 17 September 2025 02:18 PM

එතකොට රට බංකලොත් කලේ කවුද අරුණි, අධිකරණ තීන්දුවක් තියෙනවා රටට වුණු දේට රාජපක්ෂලා වගකිව යුතුයි කියලා...

:       8       8

Neel Wednesday, 17 September 2025 04:33 PM

අරුණි කට රිදෙන්නේ නැද්ද? මොකද දැන් ගොඩක් කල්නේ...

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site