
(අංජුල මහික වීරරත්න)
අතපසු වීම් වෙන්න පුළුවන්. ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ කාල්ටන් නිවසේ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
"අපේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරල දෙන්න ඕන.අපගේ අඩිතාලම එයයි.ඕන කෙනෙක්ට අතපසුවීම් වෙනවා.ඒ වෙච්ච අතපසුවීම් හදාගෙන ඉදිරියට යෑම තමයි අප කළ යුත්තේ.අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති.යම් වැරදි වෙන්න ඇති. ඒවා හඳුනගන්න ඕන.
ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණය සිතට ගෙන තරුණ පරපුර ඉදිරියට පැමිණිය යුතුයි යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබී බඩගෝස්තරවාදියෝ . ජනතාව රවට්ටලා බලයට ඇවිත් අන්තිමට රටම හොරාකාලා විනාශ කරපු අයට නැවත ජනතාව රවට්ටන්ඩ බැරිවෙයි .
ඔබලාගේ කුපාඩි සංස්කෘතිය හොඳ නැති නිසා තමයි හලෝ මේ ආණ්ඩුව ගෙනාවේ. ආයෙත් ඔබලා ගේන්න මිනිස්සුන්ට පිස්සු නැහැ.
සිංහල දමිළ අවුරුද්දටවත් හරි මාවතට දාගන්න බැරිවෙයි.
"අපේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට ආරක්ෂා කරල දෙන්න ඕන."
අතපසු වුනු හොරකම් ටික කරගන්නත් ඕනනේ
ඔව්, රට බංකොලොත් කරා වගේ අතපසු වීමක් හදාගමු.
ජ්‍යේෂ්ඨ රාජපක්ෂ රොත්ත කාල ඉතිරිවූ කොට කන්න වෙන්න ඇති ආසාව....