
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ආණමඩුව පොලිසියට කළ පැමිනිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.
නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියෙ පිහිටි දැවැන්ත කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කපා බිම හෙළා දමා ඇතැයි පොලිසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අදාල සිද්දිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියෙ සභාපති ජයරත්න මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙම පැරණි ගොඩනැගිලි සහිත ඉඩමේ එක් ගොඩනැගිල්ලකට දිරා ගිය ගසක අත්තක් වැටිමට තිබු අවදානම ගැන දැන ගැනිමත් සමග එම අත්ත ඉවත් කිරීමට පමණක් උපදෙස් ලබා දී තිබු නමුත් එම කටයුත්ත බාර ගත් තැනැත්තා ඉඩම තුළ සියලු ගස් කපා දමා ඇති බවට තමන්ද පසුව දැන ගත් බවයි.
නමුත් එසේ කැපු කිසිදු ගසක කොටසක් තමන් හෝ වෙනත් අයකු රැගෙන ගොස් නැති බවත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති මහතා, කොටටික පදම් වුනහම අරං යන්න ඉන්න ඇත්තෙ?
මාලිමා සමූපකාරයක් වෙන්න ඇති, උන්ට තියෙන්නේ වෙනම නීති!