
(රොමේෂ් මධූෂංක)
යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.
ගුරුනගර් සිට නීතිවිරෝධි වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පිළිබඳව යාපනය පොලීසියට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ගුරුගර ප්‍රධාන මාර්ගයේ මුරකාවල් යොදා සිටියදී අදාල වැලි ට්‍රැක්ටරය ධාවනය වී ඇති අවස්ථාවේ පොලීසිය විසින් ට්‍රැක්ටරය නැවත්වීමට එහි රියදුරුට අණ කොට ඇත.
පසුව ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ට්‍රැක්ටරය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරය නොනවැත්වීම නිසාවෙන් ට්‍රැක්ටරයට වෙඩි තබා ඇත.
එහිදී රියදුරු බියට පත්ව ට්‍රැක්ටරය දමා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් පිලිගන්න පුලුවන් බොරුවක් කියපල්ලකෝ.. පොලිසියට දීලා තියෙන 600CC / 1000CC බයික් වලින් හබාගෙන ගිහිල්ලා ටැක්ටර් එකක්වත් අල්ලගන්න බැරිද? මේ ලැම්බොගියක් නෙවෙයි ටැක්ටර් එකක්.