
අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්' යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත.
භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් (1929-2012) කීර්තිමත් විද්‍යාඥයෙකි. අහ්මදාබාද් නුවර ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පිහිටුවීමේ දී එහි පුරෝගාමියකු වූයේ ද දේවේන්ද්‍ර ලාල් ය. ‘ලාල්'
යන නමින් නම් කෙරුණේ අඟහරුගේ දකුණු අර්ධගෝලයේ කිලෝමීටර් 69ක විශ්කම්භයකින් යුත් ආවාටයකි.
ඊට අමතරව තවත් ආවාට දෙකක් උතුරු ඉන්දීය නගර දෙකක් වන 'මුස්රාන්' සහ 'හිල්සා' යනුවෙන් ද නම් කිරීමට ඉන්දීය ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත.
ඉන්දියාව අඟහරු ගවේෂණයට අඟහරු කක්ෂයට රොබෝ ගවේෂණ යානයක් යවා තිබේ. මෙම යානය හැඳින්වෙන්නේ 'මංගල්‍යාන්' යනුවෙනි. මේ වනවිට ඉන්දීය විද්‍යාඥයෝ 'මංගල්‍යාන් 2' යානය අඟහරු බලා යැවීමට නිර්මාණය කරමින් සිටිති. 'මංගල්‍යාන් 2' යානය අඟහරු මතට පතිත කරන ආකාරයේ යානයක් වනු ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
වැඩිකල් යන්න කලින් ලංකාවට විතරක් නෙමෙයි හඳටත් කේරල කරනාටක වගේ නමක් දාලා ප්‍රාන්තයක් කියයි
මටත් ඒක ලොකු ආඩම්බරයක් .මගේ නමත් ..නන්ද -ලාල් .නිසා