
(යොහාන් භාසුර)
මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය
එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.
චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ ඔක්කෝම ආගම් ජාතිවල සන්ස්කෘතික දේවල් කරනවා. සින්හල බෞද්ධ දේවල් ඈරෙන්න. මොවුන්ට පෙනෙන්නේ නැද්ද සන්ස්කෘතියක් තබාගෙන දියුණු වෙන්න පුළුවන් කියලා...
අනේ හරි ශෝයි . මාරයි. හැගුම්බරයි. අර්ථවත්. අපිට මාර චූන්
මෙයාලා කරන්නේ පල්ලිය කියන දේ විතරයි. මේ ඊයෙ පෙරේදා මොරටුව පාර වහගෙන පල්ලියක සැරසිලි කරලා පොලීසියටත් ගහලා, ඊට පස්සේ පොලීසිය ඉස්සරහ උද්ඝෝෂන කරලා, අගරදගුරු ලවා පොලිස්පතිටත් කෝල් කරලා පොලීසියට තග දාලා තිබුනා දැක්කනේ. කොහොමද වැඩේ.
චීන අවුරුද්ද සැමරුවට කමක් නෑ. අපේ මිත්‍රයෙක්ගේ උත්සවයක්, ලස්සන වැඩක්. හැබැයි මේ මාලිමා හැත්ත අපේ රටේ මිනිස්සුන්ට අවුරුද්ද සමරන්න හදනකොට හාලුත් නෑ පොලුත් නෑ. පොන්ගල් සමරනකොට රතු හාලුත් නෑ.