IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ  ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  ඡන්දය ප්‍රකාශ කළාය.

මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරිය, "පළමු වතාවට ආණ්ඩු බලය සමග අපිට වැඩ කරන ජනතාවගේ දිනය සමරන්න පසුගියදා හැකි වුණා. මෙවර මැයි දින සැමරුම අපේ ඉතිහාසයේ සාර්ථකම මැයි දින සැමරුමයි. ජනාධිපතිවරණයේදී ලැබුණ ජයග්‍රහණයට වඩා මහ මැතිවරණයේදී අපිට විශාල ජයග්‍රහණයක් ලැබුණා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයත් ජයග්‍රහණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමගම, අපිට සංවර්ධනය ගමට ළඟා කරන්න හැකි වෙනවා. මහජනතාවට වඩාත්ම සමීප වන්නේ පළාත් පාලන ආයතනයි. ඒ නිසා මේ මැතිවරණය අපිට ඉතාම වැදගත්.

අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නැතිවීම තුළ ඔවුන් කැලඹිලා ඉන්නේ. රටේ සිද්ධ වෙන අපරාධවලට හේතුව ඔවුන්ගේ මේ කැලඹීම. නීතිය සහ සාමය රැකීම පොලිසිය විසින් මේ වනවිට සිදුකරගෙන යනවා."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. 



අදහස් (0)

අග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28388 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10890 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 856 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site