IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


අගමැති උද්ඝෝෂණ කරන හැටි සජබ මන්ත්‍රීවරුන්ට කියාදෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ආසන්නයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරුවේ  උද්ඝෝෂණයේ යෙදී සිටියදී ඒ අසලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග විනාඩි කිහිපයක් සුහදව  කතාබස් කරමින් සිටිනු දක්නට ලැබිණ.

තමා ඉතිහාසයේ  මෙවැනි දේශපාලන සටන්වල යෙදී සිටි ආකාරය  සිහිපත් කරමින් අගමැතිවරයා මෙහිදී   උද්ඝෝෂණයේ යෙදුණු මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කළේය.

විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි කර ගත යුතු බවද අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රීවරුන්වන රාජිත සේනාරත්න, ඉමිටියාස් බාකීර් මාකර් සහ පාඨලී චම්පික රණවක ඇතුළු  මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි දී අගමැතිවරයා සමඟ  සුහද කතාබහක නිරත වනු  දැකගත හැකි විය.



අදහස් (11)

අගමැති උද්ඝෝෂණ කරන හැටි සජබ මන්ත්‍රීවරුන්ට කියාදෙයි

sugath Monday, 06 December 2021 05:57 PM

පෙනේවනේ මේ අය හොඳ යාලුවෝ. මේ අය උද්ඝෝෂණ කරන්නේ මහා ජනයා රවටන්න පමණයි.

:       0       0

චමින්ද Monday, 06 December 2021 06:59 PM

විපක්ෂයට උද්ඝෝෂණ නැතුව ගියාම ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා කියලා අගමැති දන්නෙ නැද්ද. මෙයා මේ උපදෙස් දෙන්නෙ ආණ්ඩුවේ වැඩට අකමැති නිසාද නැත්නම් විපක්ෂය මර්ධනයේ උපක්‍රමයක් නිසාද

:       0       0

Sujeewa Monday, 06 December 2021 07:53 PM

මෙන්න මහත්මා දේශපාලනය

:       0       0

Malika Monday, 06 December 2021 08:41 PM

දෙගොල්ලන්ම එකයි. එකම බෝට්ටුවට දාලා යවන්න ඕන අය...

:       0       2

MO77 Monday, 06 December 2021 09:56 PM

හොරු සමග හෙළුවෙන්...

:       0       2

dasa Tuesday, 07 December 2021 06:08 AM

ඔක්කොටම වඩා හොඳට, කොමිස් ගහන හැටි, හොරකම් කරන හැටි ඇහුවා නම් හොඳට මිනිහා කියලා දෙයි.

:       0       1

Bhanuka Tuesday, 07 December 2021 07:18 AM

විරෝධතාවයක් වුණාම මිරිස් කුඩු ගහන්න ඕන, පොත් වලින් පුටු වලින් ගහන්න ඕන, කතානායකගේ පුටුවට වතුර හලන්න ඕන කියන වගේ උපදෙස් වෙන්න ඇති මේ අයට කියන්න ඇත්තේ.

:       7       23

kamal Tuesday, 07 December 2021 10:06 AM

පරම්පරා හැත්තෑවක් ගොඩගන්න ගහන හැටි කියලා දෙන්නත් පුලුවන්ද ?

:       0       1

Bamunuarachchi Tuesday, 07 December 2021 06:57 PM

මට මතක් වෙන්නේ 1956-1957 වරායේ වැඩවර්ජනය තිබුණු කාලේ බණ්ඩාරනායක මහතාව වර්ජකයින්ට කොටුවූ අවස්ථාවක, ඔබේ සටනට ජයවේවා කියා බණ්ඩාරනායක මහතා කියූ අවස්ථාවයි...

:       0       3

Bamunuarachchi Tuesday, 07 December 2021 06:59 PM

නැහැ නැහැ මහින්ද මහත්තයෝ අපේ කස්ටිය උදේ කන්න කැන්ටිමට ගිය ගමන් තාම ආවේ නැහැ .දවල් කෑමත් කාලා ගෙදර යන්න බලාගෙන ඒගොල්ලෝ මෙතනට ඒවි.

:       0       3

sharm warn Friday, 10 December 2021 05:03 PM

අරක්කු භාගයක් දීලා ලයිට් කණුවල නග්ගවන හැටි... ඒවත් කියලා දුන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site