
(ලාල් එස් කුමාර)
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද (02) රාත්‍රී 7.35 ට පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය.
කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත ,මහෝපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය .
අනතුරුව නාහිමියෝ සධාතුක කරඬුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ හිස තබා ආශිර්වාද කළහ.
එම අවස්ථාවට විහාරස්ථ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීඩියාවලින් කැමරා අටවන්න ගිහින් පච වුණා නේද හරිනි එනවා කියලා..? දැන්වත් හැදියල්ලා.. දැන් අගමැතිනි ළඟ සංදර්ශන නෑ. වැඩ විතරයි...
නාට්‍ය රඟදැක්වීම පෙර පරිදිම ඉතා තාත්විකව... පුනරුදය නහුතෙට...
කිසිම සද්දයක් ඇහුණේ නැහැ. මෙන්න බොලේ හරිනි ඇවිල්ලා...
මෙයලාවත් ඉවරකරන්න හදන්නේ, රාජපක්ෂ, මෛත්‍රී කෑවා... ඊට පස්සේ අනුරව කන්න බලන් ඉන්නවා
බෞද්ධයෙක් වුණත් මට නම් මැතිවරණ කටයුතු සඳහා කැළණිය සම්බන්ධ කරගත් බණ්ඩාරනායක උන්නැහේ සහ ගෝඨාභය ජනාධිපති මතක්වුණා උපන්දා සිට කරපු පව් නැත... වරක් වැන්දොත් කැළණියේ කිව්වාට මැතිවරණයෙන් පස්සේ හරිනිගේ අගමැති තනතුරත් ගහලා යන්න පුළුවන්...
කාඩිනල් එක්ක රට පාලනය කරන ගමන්...!
පරණ පුරුදු සාම්ප්‍රදායික සංදර්ශන දේශපාලනයම තමයි. මුහුණු වෙනස්, වැඩ එමමයි....
දැන් සැපද? බිත්තර එහෙම තියෙනවද? පොල් ලොරි එනවද? හාල් ගණන් වැඩිද?
පුනරුදය එනවා සත්තයි.
එහෙනම් කැළනි නයාත් හරි. ඊලඟට තිරුපති නේද?
කාඩිනල් එක්ක රට පාලනය කරන ගමන්...!
කරඬුව තිබ්බත් වැරැදියි, නොතිබ්බොත් නිරාගමිකයි කියාවි, පන්සල් ගියත් වැරැදියි. කොහොම වෙතත් කෑමටම ඡන්දෙ දීපු අය මෙතැන හෑවට මාලිමාවට ඡන්දෙ දීපු අයට ඔය හදිසි නැහැ. රට යන අත හරි බව අපට දැනෙනවා. පේනවා. පුළුවන්නම් අත්හැරලා දාලා යන වාහන වලට කී වතාවක් කාණුවලට බැහැලා ඉඩදුන්නාද කියන්නකෝ නූතන වහල්ලු...
ඔය අතරේ විශාල සද්දයක් එහෙම ඇහුනේ නැද්ද අපේ නායක හාමුදුරුවනේ. අපට ලැජ්ජත් නෑ. ඒගොල්ලන්ට ලැජ්ජත් නෑ?
නායක හාමුදුරුවනේ, මම තකහනියක් ඔබ වහන්සේව බැහැ දකින්න ආවේ, මාලිමා රජය යටතේ පන්සල්වල පෙරහැර තහනම් කරලා තියෙන නිසා... 2025 අවුරුද්දේ කැලණිය පන්සලේ දුරුතු පෙරහැර තියන්න දෙන්නේ නැහැ කියලා යන්න. අවසරයි නායක හාමුදුරුවනේ...!