
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජර්මනියේ හැම්බර්ග් හි නිල සංචාරයක නිරත විය.
සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
102 වන නැගෙනහිර ආසියානු මිත්‍රත්ව රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතා ද හමු විය.
එහිදී මෙරට ආර්ථික ස්ථාවරත්වය, සමාජ ආරක්ෂාව සහ ජාතික සමගිය සඳහා රජයේ කැපවීම පිළිබඳ ජර්මානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෙම නැතුව පිටරට ගියාද ?
භෝජන සංග්‍රහයේදී කන්න දුන්නේ මොනවද ? මැද කරවෙච්ච ආප්පද ?
ඉතාම ප්‍රයෝජනවත් කාලෝචිත හමුවීමක්.මීට දශක කීපයකට කලින් සිට ක්රියාත්මකවෙන "ජර්මන් ටෙක්" ආයතනයෙන් වුර්තීය පුහුණුව ලබා ගත් අයට ලෝකයේ තියන ඉල්ලුම ගැන මම අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ.නමුත්, ඒ පුහුණුව ලබා විදේශ රටක ඉහල වැටුපකට රැකියාවක් ලැබුනම ආයේ "ජර්මන් ටෙක්" එක මතකවත් නැති මිනිස්සුනේ අපේ රටේ ඉන්නේ..ඒ නිසා මෙවැනි ආයතන ප්‍රවර්ධනය කිරීමක් ලංකාවේ සිදුවෙන්නේ නැහැ...ඔය ලංකාවේ විශ්ව විද්‍යාලවලට ගොස් මෙලෝ පලකට නැති කළා උපාධි ගන්නවාට වඩා, මෙවැනි ආයතනයකින් වුර්තීය අධ්‍යාපනයක් ලබා ගැනීම කොතරම් නම් වටිනවාද? මොනා උනත් ජර්මන් බස් රථ මෙන්ම ජර්මනනිය නිපදවූ ටැක්සි පවා ධාවනය වූ මේ රට තුල, වර්තමානයේ ඉන්දියන් චැසි මත ඉදිකොට ඇති ඩක්කු බස් වල හා රෝද තුනේ අනාරක්ෂිත රථවල ගමන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් කියලයි මට නම් හිතෙන්නේ. ඉන්දියාවෙන් යකඩ ගොඩවල් ගේන වෙලාවේ, ජර්මනියෙන් ඉවතදමන, මෝටර් රථ හා දුම්රිය මැදිරි ගෙනල්ල මෙරටේ ධාවනයට යෙදෙව්වොත් කොතරම් අගෙයිද කියලයි මට හිතෙන්නේ. ජර්මනිය වගේ රටක් සමග ආර්ථික හා තානාපති සම්බන්ධ කම් පැවැත්වීමට මේ රටේ ජනතාවට පින නැහැ..මෙවුන් යන්නෙම කුණු ගොඩවල් පස්සේ.අපේ අගමැතිනිය ට ජයවේවා!
බද්‍රානිගේ අදහස කාලෝචිතය