
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (29) පැවැත්විණි.
මෙම හමුවේදී තානාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සඳහා මහජනතාවගේ දැඩි කැපවීම පිළිබඳ අගය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන නිපුණතාවෙන් සපිරි සහ වෘත්තීමය ශ්‍රී ලාංකිකයන්ගේ සේවය අගය කරන බව ද තනාපතිවරයා පැවසීය.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් රෂීඩ් අලී අල් මෂ්රොයුයි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අංශයේ අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩදායක ආයෝජන අවස්ථා ලබාගැනීමට මෙවැනි හමුවීම් වඩාත් වැදගත් වෙයි.