
(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද ඇටම්පිටිය රෝහල පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හාලිඇල නෙළුව නිලිඅතුගොඩ පදිංචිව සිටි පී. සසිකලා නමැති කාන්තාවකි.
තේ දලු නෙලමින් සිටි අතරතුර එක්වරම අකුණුසර වැදීමෙන් මෙම කාන්තාවන් බරපතලලෙස කම්පනයට පත් වී තිබියදී ප්‍රදේශවාසීහු රෝහල් ගත කර ඇත.
අකුණුසර වැදීමෙන් කම්පනයට පත් සෙසු කාන්තාවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇටම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නිහඩව රටට සේවයක් කරන මේ අයට සිදුවන මෙවැනි අනතුරු වලට, රටේ බොහෝ දෙනෙකුගෙන් ලැබෙන්නේ අවම අවධානයක්. අවම වශයෙන් වතු සමාගම් වත් මේ අහිංසක සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කල යුතුයි.