
(ජේ.කේ.එල්. චාමින්ද)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහවත්ත ප්‍රදේශයේ සිතලදොල ආරාණ්‍ය සේනාසන පාරේ කටුපොල්වත්තක දමාගොස් තිබියදි හමුවි ඇතියි යක්කලමුල්ල පොලිසිය පවසයි.
මේ වනවිය ඝාතකයන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භකොට ඇත.
මොහු නිවසේ මිදුලේ සිටියදි අද (13) පස්වරුවේ දි වෙඩි තබා ඝාතනය කොට තිබුණි.
COMMENTS
මේක මිනිහගෙම යහපැවැත්ම මත වෙච්ච දෙයක් වෙන්න බැරිද?
මේව පාතාලය නෙවෙයි, තම තමන්ගෙ කල්ක්‍රියාව අනුව ලැබෙන ප්‍රතිපල, සමහර අයගෙ වත්කම් පරීක්ෂා කලා නම් මෙහෙම වෙන්නෙ මොකද කියල පහසුවෙන්ම හොයාගන්න පුළුවන් , මේව ජාතික ආරක්ෂාවට අදාළ නැහැ, ඒව අදාළ සමාජයේ සාධාරණව ජීවත්වීම නොවන අයට.
අධික සුඛෝපභෝගී, අධිබල 1000 සීසී මොටර් බයිසිකල් තියෙන පාතාලය කියන්නේ අනිවා දේශපාලන බලයක් තියෙනවා. ඕවා ලංකාවට ගේන්න පුළුවන් ඒ වගේ අයට විතරයි.