
(කුෂාන් ජයවර්ධන)
කලාවැව, විජිතපුර අවට ප්රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය මඟින් මේ වනවිටත් විමර්ශණ ආරම්භ කර තිබේ.
අකුණු සැර වැදීමෙන් මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා වන්නේ විජිතපුර කනක්කන්මඩුව ප්රදේශයේ පදිංචි සිටි වයස අවුරුදු 50ක් වන ජෙමාල්දීන් බදූර්දීන් නමැති අයෙකු හා වයස අවුරුදු 49ක් වන විජිතපුර පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ ජැක්සන් සේනාරත්න තෙන්නකෝන් නමැති අයෙකු බව පොලිසිය කියයි.
ඔවුන් කනක්කම්මඩුව හා පුලියන්කුලම ප්රදේශවල පිහිටි සිය වගා බිම්වල බිම් සැකසුම් කටයුතු වල නිරතව සිටියදී මෙලෙස අකුණු ප්රහාරයට ලක්ව ඇතැයි මූලික පොලිස් විමර්ශණ වලීදී හෙළීව තිබේ. මිය ගිය අයගේ මළසිරුරු අතරින් බදූර්දීන් මහතාගේ සිරුර එම නිවසේ තැන්පත්කර ඇති අතර තෙන්නකෝන් මහතාගේ සිරුර කලාවැව රෝහලේ තැන්පත් කර තිබේ.
අකුණූ සැර වැදීමෙන් සිදුවූ එම හදිසි පුද්ගල මරණ දෙක සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ ඉපලෝගම පොලිස් ස්ථානාධීපතිවරයාගේ ප්රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා රටේ දුප්පත් ගොවියන් විඳින දුක
සවස් කාලවල අකුණු සමඟ තද වැසි තියෙන නිසා ගොවි තැන කරන උදවිය උදේ කාලයේම වගා කටයුතු කරලා සවසට කලින් ගෙදරට එනවා නම් හොඳයි. වගා බිම් බොහෝ දුරට තැනිතලා ප්රදේශ නිසා අකුණු සැරවලට හොඳටම නිරාවරණය වෙනවා. අපේ බඩගින්න නිවාගන්න දැඩි වෙහෙසක් ගන්න උදවිය තමයි අහිංසක ගොවි ජනතාව .ඔවුන්ට රජයකින්ම ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලම තමයි