(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද ඇටම්පිටිය රෝහල පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හාලිඇල නෙළුව නිලිඅතුගොඩ පදිංචිව සිටි පී. සසිකලා නමැති කාන්තාවකි.
තේ දලු නෙලමින් සිටි අතරතුර එක්වරම අකුණුසර වැදීමෙන් මෙම කාන්තාවන් බරපතලලෙස කම්පනයට පත් වී තිබියදී ප්‍රදේශවාසීහු රෝහල් ගත කර ඇත.
අකුණුසර වැදීමෙන් කම්පනයට පත් සෙසු කාන්තාවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇටම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අකුණු සැර වැදී කතක් මරුට
sugath Tuesday, 29 April 2025 03:20 AM
නිහඩව රටට සේවයක් කරන මේ අයට සිදුවන මෙවැනි අනතුරු වලට, රටේ බොහෝ දෙනෙකුගෙන් ලැබෙන්නේ අවම අවධානයක්. අවම වශයෙන් වතු සමාගම් වත් මේ අහිංසක සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කල යුතුයි.
වතුර වල සුරේෂ් Tuesday, 29 April 2025 02:10 PM
අකුනු නොවදින හිස් වැසුම් මේ අයට දෙන්න තරම් මේ වතු හිමියෝ කාරුණික නෑ, මිල අධික නිසා වෙන්න ඇති , අනික අකුණු එතකොට මේ අයට අයින් වෙන්න . මුවා වෙන්න පුළුවන්නේ ගල් , ගස් වගේ දේවල් වලට , අනික අකුණු වැදිල මැරෙන්න හොඳ නැහැළු .