IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇෆ්ගන් පළමු සිනමා අධ්‍යක්ෂවරිය වෙඩි තබා මරා දමයි

ඇෆ්ගනිස්තානයේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය වන, ඇෆ්ගනිස්තානයේත් බටහිර රටවලත් ප්‍රසිද්ධියට ලත් සබා සහාර්, වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය. 44 හැවිරිදි, සබා සහාර් සිය මෝටර් රථයෙන්, නිවසේ සිට රාජකාරී සඳහා උදෑසන පිටත්ව යද්දී, යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු මෝටර් රථය හරස් කර වෙඩි තැබීම සිදු කර ඇතැයි කාබුල් පොලිසිය කියයි.

කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව සබාගේ සැමියා වන අමල් සාකී මහතා මාධ්‍ය හමුවේ පවසා තිබේ. වෙඩි තැබීම සිදුවූයේ කාබුල් අගනුවරට දකුණු දෙසිනි. ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ සබා සහාර් ඝාතනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.

සබා සහාර් සමඟ කුඩා දරුවකු, රියදුරා සහ සබා සහාර්ගේ ශරීරාක්ෂක නිලධාරීන් දෙදෙනා සිට ඇත. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ සබා සහාර් සහ ශරීරාරක්ෂක නිලධාරීන් පමණි. කුඩා දරුවාට හෝ රියැදුරුට හෝ කිසිදු අනතුරක් සිදුවී නැත.

කුඩා දරුවාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය වී නැත. සබා සහාර් සිනමා අධ්‍යක්ෂවරියක පමණක් නොව, ජනප්‍රිය ඇෆ්ගන් නිළියකි. චිත්‍රපට නිෂ්පාදිකාවකි. සමාජ ක්‍රියාකාරිනියකි. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියකි. එපමණක් නොව, ඇය පොලිස් නිලධාරිනියකි.

2004 දී, ඇය අධ්‍යක්ෂණය කළ පළමු ඇෆ්ගන් චිත්‍රපටය වන්නේ  ‘ද ලෝ’ ය. එය අතිශය සාර්ථක විය. 2010 දී ඇය අධ්‍යක්ෂණය කළ ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය ඇමෙරිකා සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය.

ඇමෙරිකාවේ චෙල්සි ලලිත කලා විශ්ව විද්‍යාලයේ දී සිනමාව ඉගැන්වීමට කලාත්මක මෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය පාදක කර ගැනෙයි. ඇයගේ අවසන් චිත්‍රපටය වන්නේ 2011 වසරේ අධ්‍යක්ෂණය කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ ය.

(රොයිටර් ඇසුරිනි)



අදහස් (2)

ඇෆ්ගන් පළමු සිනමා අධ්‍යක්ෂවරිය වෙඩි තබා මරා දමයි

kumara Saturday, 29 August 2020 03:43 PM

ත්‍රස්තවාදියෝනේ මේවා කරන්නේ... මෙම ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. අන්තවාදියෝ නම් මොන රටේ හිටියත්, මොන ආගමේ හිටියත් ත්‍රස්තයින් තමයි.

:       0       13

Rata Perata Monday, 31 August 2020 06:33 AM

ඉස්ලාම් අන්තවාදය ලෝකෙන්ම තුරන් කිරීමට සියලු දෙනා එක්විය යුතුයි.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site