IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්

ගෙයිරංගෆියෝඞ් හරහා යාත‍්‍රා කරමින්


දුරින් දුරට ඇදී යන කඳු වළලූ, වැව්, දියඇලි සහ ජලාශවලින් සමත්විත මහේක්ෂ භූමි දර්ශනයෙන් වශීකෘත වෙමින් අපි ශිඛර මුඳුනෙහි ඉතා නැවුම් වාතය ලය පුරා ආශ්වාස කළෙමු.

බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරයේ දිය පහරක් හරහා තනා ඇති පාළමක්
 
බියුලා හා ගොඞ්රිඞ්ජ්

නැවැත වරක් මනස්කාන්ත දර්ශන, සුන්දර මතකයන් හා විශ්මයන් ගණනාවක් විඳි දිනයක් අවසානයේ අප නැවත පස්වරු හය වනවිට නෞකාවට ගොඩවූයේ අපගේ මීළඟ ගමනාන්තය වන ගෙයිරෙන්ජර් ෆියෝඞ් බලා යාමටය. ගෙයිරේන්ජර් ෆියෝඞ් යනු ස්වකීය අනූපම සුන්දරත්වය නිසා 2005 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් ලද කුඩා ගම්මානයකි.

එය හිම ශිඛර පැළැඳි හරිත කඳුවැටිවලින් වට වී තිබේ. ‘සෙවන් සිස්ටර්ස්’ හෙවත් ‘සොයුරියන් සත් දෙනා’ නමින් හඳුන්වන සුන්දර දියඇලි මේ කඳුකර ගම්මානයට දර්ශනය වේ. ‘ඊගල් රෝඞ්’ මාවතෙහි වට වංගු එකොලහ පසු කරමින් ඉහළට ඇදෙන විට හිසකෙස් කෙළින් සිට ගනී. එකොලොස් වෙනි වංගුව පසුකොට පහළ බලන විට අප පැමිණි නෞකාව පහත නැංගුරම් ලා තිබෙනු පෙනේ. ‘ඩැල්ස්නිබා’ කඳු ශිඛරයද, ඒ හාම දර්ශනය වේ.

ගෙයිරේන්ජර්හිදී නැවැත වරක් අපේ කණ්ඩායම දෙකට බෙදුනි. එක් කොටසක් නෝර්ඩාල් නිම්නයෙහි පිහිටි සාම්ප‍්‍රදායික ගොවිපොලක් නැරඹීමට බලාපොරොත්තු වූහ. මුහුදු මට්ටමිින් අඩි 1500ක උන්නතාංශයකින් පිහිටි මේ ගොවිපොල ගොඩනැඟිලි තිහකින් සමත්විතය. එළු කිරෙන් නිපදවනු ලබන නෝර්වීජියානු සුදු හා දුඹුරු චීස් එහි ප‍්‍රධාන නිෂ්පාදනයයි.

එහි ගිය අපේ පිරිසට ගොවිපොලේ නිපදවන විවිධ කිරි අහරින් සන්තර්පණය වීමට ඉඩ ලැබිණි. කෙසේ වෙනත් මා සම්බන්ධවූයේ බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය බලා යන අනෙක් කණ්ඩායම සමඟයි. පෝල්, නිලීකා හා ගොඞ්රිජ් මගේ ගමන් සගයෝ වුහ. අප නතරවූ තැන සිට මේ කඳුකර මාර්ගයෙහි දිගටම ඉහළට ඇදුනෙමු. ඉහළට නඟින්නට නඟින්නට ගෙයිරේන්ජර් ෆියෝඞ් වඩාත් මනරම්ව දිස්වන්නට විය.

අනතුරුව අපි ඩුප්වාන් විල පිහිටි දිශාවට හැරුනෙමු. කඳුකර දසුන්හි සුන්දරත්වය විඳිමින් අපි ඉදිරියට ඇදුනෙමු. අපේ ගමනාන්තයවූ ඩැල්ස්නිබා ශිඛරයට නැඟුනුවිට දිස්වන මනස්කාන්ත කඳුකර භූමි දර්ශනය අපට ඉහළට ගත් හුස්ම පහළට හෙලීමට අමතක කළේය. දුරින් දුරට ඇදී යන කඳු වළලූ, වැව්, දියඇලි සහ ජලාශවලින් සමත්විත මහේක්ෂ භූමි දර්ශනයෙන් වශීකෘත වෙමින් අපි ශිඛර මුඳුනෙහි ඉතා නැවුම් වාතය ලය පුරා ආශ්වාස කළෙමු.

අප පැමිණි රිය ඔල්ඩෙන්වට්නෙට් ජලාශය අසල පිහිටි බි‍්‍රක්ස්ඩාල් නේවාසිකාගාරය අසල නැවැත්වීය. එතැනට පෙනෙන්නේ හාත්පසින්ම මනරම්, උස් කඳුවැටි වලින් වටවූ දර්ශනයකි. මෙතැන් සිට අප ගමන් අරඹන්නේ නෝර්වේ අයිස් යුගයේ අවසාන නෂ්ටාවශිෂ්ඨය වන බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය වෙත යන ගමනයි. අපේ නවාතැන් පොලේ දී නෝර්වීජියානු දිවා අහරක් ගැනීමෙන් අනතුරුව අප පිටත්වන්නේ සුන්දර දියඇලි වේගයෙන් ගලාබස්නා ගංගා සහ කඳුකර ප‍්‍රපාතයන් පසුකරමින් මේ දැවන්ත හිම කූටය වෙත යෑමටයි.

මුලින්ම අප සේන්දුවූයේ හෝනින්ඩල්ස්වානෙට් විල වෙතය. මේ විල බටහිර නෝර්වේහි විශාලතම විල වන්නේය. එමෙන්ම යුරෝපයේ ගැඹුරුම විල වන්නේය. ස්කැන්ඩිනේවියානු කලාපයේ සුපිරිසිදුම දියත්න මේ ජලාශයයි. එදින සන්ද්‍යාවේ පහළ සනීල්ස් ෆියෝඞ්හි පිහිටි හෙලෙසිල්ට් ගම්මානයට අපි පැමිණියෙමු.

 

ගෙයිරේන්ජර්හිදී නැවැත වරක් අපේ කණ්ඩායම දෙකට බෙදුනි. එක් කොටසක් නෝර්ඩාල් නිම්නයෙහි පිහිටි සාම්ප‍්‍රදායික ගොවිපොලක් නැරඹීමට බලාපොරොත්තු වූහ. මුහුදු මට්ටමිින් අඩි 1500ක උන්නතාංශයකින් පිහිටි මේ ගොවිපොල ගොඩනැඟිලි තිහකින් සමත්විතය. එළු කිරෙන් නිපදවනු ලබන නෝර්වීජියානු සුදු හා දුඹුරු චීස් එහි ප‍්‍රධාන නිෂ්පාදනයයි. එහි ගිය අපේ පිරිසට ගොවිපොලේ නිපදවන විවිධ කිරි අහරින් සන්තර්පණය වීමට ඉඩ ලැබිණි.

ඩැනීලෝ නුගාරා


 

යුරෝපයේ ගැඹුරුම විල හොර්නින්ඩාල්ස්වට්නෙට්

 

බි‍්‍රක්ස්ඩාල් ග්ලැසියරය

 

වයිකිං ගම්මානය

 

වයිකිං ගම්මානය අසල නැවතූ ෆෙරි යාත‍්‍රාව

 

වයිකිං ගම්මානය

 

ටුවින්ඬේෆොසන් දියඇල්ල

 

ලයනල් සහ කුමුදු

 

බියුලා වයිකිං සමග

 


සන්ඬේ ටයිම්ස් ”ට‍්‍රැවල්” සඟරාව සඳහා ලියන ලද .'The Norwegian Fjords' ලිපියේ සිංහල පරිවර්තනයකි.

මීළඟ සතියේ ෆ්ලාම් සහ ට්‍රොරෝන්ඞ්හයිම්


 



අදහස් (0)

සුන්දර නෝර්වේ කඳු අතරින් නෞකා සවාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 895 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site