(ඔගස්ටින් ප්‍රනාන්දු)
සහජීවනය සදහා වන අන්තර් ආගමික සංචාරයක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අද (9) පෙරවරු කාලයේදී හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන මෙහෙයක නිරතව සිටිනු දැක ගත හැකි විය.
ගාල්ල කරිටාස් සෙට් ගෝල් සංවිධනය සහ හලාවත පදවි කරිටයාස් සෙඩෙක් ආයතනය ඒකාබද්ධව මෙම අන්තර් ආගමික සහජීවන සංචාරය සුදානම් කර තිබුණි. ප්‍රදේශයේ සියළු ආගමික මධ්‍යස්ථානවලට ගොස් ඒවා නරඹමින් තෝරා ගන්නා ලද ගම්මානවලට ගොස් ජනතාව අතරට ගොස් සහජීවනය ඇතිකිරීමේ වැඩ සටහන් රැසකටද මෙම පිරිස එක්ව සිටියහ.
ගාල්ල හා හලාවත ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා වැඩිහිටි පිරිස් මෙම සංචාරයට එක්ව සිටියහ. හලාවත සෙඩෙක් අධ්‍යක්ෂ ලුක් නෙල්සන් ප්‍රනාන්දු පියතුමාගේ උපදෙස් අනුව හලාවත ආසන දෙව්මැදුරේ සහායක පියතුමාණන් වන රොශේන් ගුරුසිංහ පියතුමාද මෙම ගමනට එක්ව සිටියේය.
හලාවත සිට ඉරණවිල දක්වා වෙරළ තීරයේ ගොඩ ගැසී තිබූ කසල ඉවත් කරනු ලැබු අතර පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ උපදෙස් මාලාවකින්ද පැමි්ණි අය දැනුවත් කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි යහපත් ක්‍රියාවන්ට මුස්ලිම් කාන්තාවන් සම්බන්ධ වීම කාලීන අවශ්‍යතාවයක්...
තේ වතුර ටිකක්වත් දුන්නද දන්නේ නැහැ ශ්‍රමදානේ කරපු අයට...
පැසසිය යුතු ක්‍රියාවක්. පැමිණි සහ සංවිධානය කළ සැමට පින්.
පරිසරයේ පැවැත්ම උදෙසා තම ශ්‍රමයෙන් දායක වුනු සැමට යහපතක්ම වේවා!
මුහුදු වෙරළේ පිරිසිදුකම ගැන සොයා බැලීම , වෙරළ පිරිසිදුව තබාගැනීම , පරිසර දුෂණය කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රාජකාරියක්. විශාල සේවක සහ නිලධාරීන් පිරිසක් මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කළත් ඔවුන්ගෙන් නිසි සේවයක් සිදුවන බවක් පෙනෙන්නේ නැහැ .
ඉතාම යහපත් ක්‍රියාවක්. ඔබට අපේ ප්‍රණාමය... මේ වෙරල අපවිත්‍ර කලේ වෙරල අවට ඉන්න ජනයාට වඩා වෙරළේ සතුටු වෙන්නට ආ මිනිසුන්. එසේ නම් අපේ රටේ මිනිස්සු තවමත් ඉන්නේ ඉතාම නොදියුණු යුගයක... වෙනස් වියයුතු තැන එයයි.