(රංජිත් රාජපක්ෂ)
වර්තමානයේ තේ කර්මාන්ත රැකියාවලින් වතු කම්කරුවන් ඉවත් වී යන නිසා එම වතු කම්කරුවන් යළිත් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනීමේ සහ අලුතින් වතු කම්කරුවන් තේ කර්මාන්ත රැකියාවල නිරත කරගැනීමේ අරමුණින් යුතුව හෙලිස් වැවිලි සමාගම මගින් තේ දලු නෙළීමේ තරගයක් අද (25) නානුඔය රදැල්ල තේ වතුයායේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ, කැලණි වැලි සහ හොරණ වතු සමාගම් වල තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවන් අතර මූලික වටයේ තරගාවලියක් පසුගියදා පවත්වා එම මූලිකවටයේ තරගාවලින් තොරාගත් 39 දෙනෙක් මෙම තරගාවලිය සදහා සහභාගි වි සිටියහ.
නානුඔය රදැල්ල තේ වත්තේ තොරාගත් තේ කොටසක විනාඩි 20 පමණ කාලයක් ලබාදුන් අතර නියමිත ප්‍රමිතිය අනුව විනාඩි 20 ක කාලය තුල වතු සමාගම් තුනක වැඩියෙන්ම තේ දලු නෙළු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකුට රන් සම්මාන සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සමග ඉන්දියානු සංචාරයක් සදහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට එම වැවිලි සමාගම් අනුග්‍රහය දක්වයි.
මේ අනුව හොරණ වැවිලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනාගත්තේ තලවකැලේ බඹරකැලේ වත්තේ පදිංචි බෙනඩික් මේරි මහත්මියයි. ඇය ලබා ගත් ලකුණු ප්‍රමාණය 80.58 යි.
තලවකැලේ වැවිලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනාගත්තේ තලවකැලේ බෙයාර්විල් වත්තේ පදිංචි පලනිචෙල්වි මහත්මියයි. ඇය ලබාගත් ලකුණු ප්‍රමාණය 88.63යි.
කැළණිවැලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනා ගත්තේ බගවන්තලාව රොග්ගිල් වත්තේ පදිංචි කමලේෂ්වරි මහත්මියයි. ඇය ලබාගත් ලකුණු ප්‍රමාණය 83කි.
රන් සම්මාන දිනු වතු කම්කරු කාන්තාවන්ගේ පළමු ස්ථානය පලනිචෙල්වි මහත්මිය, දෙවන ස්ථානය කේ.කමලේෂ්වරි මහත්මිය සහ තුන්වන ස්ථානය බෙනඩික් මේරි මහත්මිය විසින් දිනා ගන්නා ලදී.
තරගාවලිය සඳහා ඉදිරිපත් වූ අනෙකුත් වතු කම්කරු කාන්තාවන්ට මුදල් සහ සහතික පත් ලබාදෙනු ලැබිණි.
මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් හේලිස් වැවිලි සමාගමේ සභාපති මෝහන් පණ්ඩිතරත්න, හේලිස් වැවිලි සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා ඇතුළු වතු අධිකාරිවරු සහ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට මේ දේවල් වලට වඩා තුන්වේලම කන්න පුළුවන් පඩියක් දෙන්න.. අමතර දළු නෙලන ප්‍රමාණයට වෙනම ගෙවන්න. මේ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ...
අනර්ඝයි... වෙනත් වචන අවශ්‍ය නෑ...
මේ වගේ දේවල් සංවිධානය කරන එක ඉතාම හොඳයි. එතකොට මේ කම්කරුවෝ හිතනවා හාම්පුතාලා තමන්ගේ සේවය අගය කරනවා කියලා. ගිය අවුරුද්දේ තේ දළු නෙලන්නියන්ට වැටුප් වැඩි කිරීම ගැන කතාව ආවහම මමත් ඒ ගැන අදහසක් ලිව්වා. ඒ කියන්නේ ඔවුන් දිනකට කඩන එක්තරා තේ දළු ප්‍රමාණයකට නිශ්චිත මිලක් ගෙවලා ඊට වැඩියෙන් කඩන හැම තේ දළු කිලෝ ග්‍රෑමයකටම වෙනම වැඩි මුදලක් ගෙවන්න කියලා. උදාහරණයක් විදිහට දැනට ඔවුන්ට මූලික වැටුප රුපියල් 700.50ක් ලැබෙනවා. එතකොට දිනකට නෙලිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝ 20ක් නම්, රුපියල් 700/20 = 35යි. ඒ කියන්නේ එක කිලෝ එකකට රුපියල් 35ක් ගෙවනවා. කිලෝග්‍රෑම් 20ට වැඩිය කඩන හැම කිලෝග්‍රෑම් එකකටම සාමාන්‍ය ප්‍රමාණය වගේ එක හමාරක ගුණයක්, ඒ කියන්නේ රුපියල් 52.50ක් ගෙවන්න පුළුවන්... ඒ කියන්නේ වැඩිපුර කිලෝ 6ක්, 7ක් කැඩුවොත් රුපියල් 1000 වුණත් ඉක්මවලා හම්බ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් සතියකට තේ දළු නෙලන්නේ දින 3ක් හෝ 4ක් මම දන්නා විදිහට... තේ කර්මාන්තය කෙළින්ම නිෂ්පාදනය මත යැපෙන කර්මාන්තයක් හින්දා මේ උදාහරණයක් විදිහට ලිව්ව ගාන දෙපැත්තටම සාධාරණයි කියලා මම හිතනවා...
මෙය හොඳ දිරිගැන්වීමක්... එම ආයතනවලට ස්තුතියි.
මෙවැනි දිරිය කාන්තාවන් තව තවත් දිරිගැන්විය යුතුයි. ආයතන වලටත් හොද මාර්කටින් පාරක් තමයි ඉතින්