IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි.

නරුවිල්කුලම් වෙරල ආසන්නයේ පෞද්ගලික් කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකරමින් ඇති සුලං විදුලි බලාගාරයට අයත් කුළුණු 6 ක් ඉදිකරමින් තිබූ අතර එහි එක් කුළුණක කොටසක් දොඹකරයක් මාර්ගයෙන් පසුගියදා ඔසවා සවිකිරීමට යාමේදී එකවරම සුළං විදුලි කුළුනේ කොටසක් දොඹකරයක් මතට කඩා වැටී ඇත.

එලෙස කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නැතත් කුළුණේ කොටසක් දොඹකරය මතට වැටුන අවස්ථාවේදී දොඹකරය හසුරවපු පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුලු තුවාල පමණක් ලබා බේරී ඇති අතර දොඹකරයට බරපතල හානි සිදුව තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට සුලං විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මේ මස අවසානයේදී නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද වාර්ථා වෙයි.



අදහස් (0)

සුළං විදුලි කුළුණේ කොටසක් දොඹකරය මතට කඩාවැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site