( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දිනෙන් දින ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සහන මිලට පොල් බෙදාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලදී අද(2) පැවැත්විණි.
රුපියල් 65 ක සහන මිලකට මෙහිදී පොල් මිලට ගැනීමට ජනතාවට හැකිවන අතර ඉතිරි දිනවලදී දිවයිනේ ප්‍රධාන නගර බොහොමයකට මෙවැනි පොල් රැගත් ලොරි පිටත් කර යැවීමට බලාපොරොත්තු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය.
පොල් මිල අසාධාරණ ලෙස ඉහළ නංවමින් මහජනතාව සහ රජය අපහසුතාවට පත් කරන කළුකඩ මාෆියාවට එරෙහිව මෙම පියවර ගත් බව සභාපතිවරයා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කලටි පොල් නේද? පැහිලා නෑ.....වේලිච්ච පොල් වල ගණන් අඩුවෙලා නෑ.......
දැන් අපේ රටේ ඉන්නා කකුල් දෙකේ මී හරක් ඔය පොල් අරගන ගිහින් දේවාලවල ගහන්න පටන්ගනීවී.
අපේ කට්ටිය පොල් ටික දැන් මෙතනින් 65 ට අරන් 100 ට කඩේ විකුණයි ...
සියලුදෙනාම මේ මාෆියාව පැරදවීමට එකමුතු විය යුතුයි.
බත්තරමුල්ල කෝට්ටේ පැත්තේ තමයි ලංකාවේ දුප්පත්ම මිනිස්සු ඉන්නේ. ඉඩම් පර්චස් එකක මිල ඇහුවම එ්ක දැනගන්න පුළුවන්. එ්ක හින්දා මුලින්ම එයාලට පොල් දෙන එක හොඳයි. අපිට නම් කොහොමත් එලොව පොල් පෙනිලා තියෙන්නේ...
හෙට පොල් වෙලන්දෝ ටික පාරවල් වහල උද්ගෝෂණයක් කරයිද දන්නේ නැ , තමන්ගේ වෙළදාම අඩු වුණා කියල
මේ අය හිතන්නේ පොල් පටවා ට්‍රක් එකක් දෙකක් ගෙනාවොත් පොල් මිල අඩුකළ හැකිවෙයි කියායි.
අගය කල යුතු වැඩක්. මමත් පොල් ගත්තා. නුගේගොඩ YMBA එක ලගින්. පොල් හොදයි. ලොකුයි. නුගේගොඩ සහ නාවල FOODCITY වල තියෙන්නේ ගොඩක් කලටි පොල්.
සමහර අයට මොනවා කරත් වැරදි.. මේ ක්‍රමය හොඳය, පොල් මුදලාලිලාගේ ගණන් බස්සන්න හොඳ වැඩක් නමුත් මේක රට හැමතැනම කරන්න ඕන. රට පුරාම අරක්කු බෙදන්න තියනවා සුපිරි ලොරි ටිකක්. නමුත් මේ වගේ වැඩකට වාහන නැහැ.
සභාපතිතුමා ඔතන ඉන්නකල් 65ට දෙයි. ඊට පස්සේ පොල් ලෝඩ් එකම කඩේක තියේවි. අපි නොදන්න මණ්ඩලේ..
ඉතාම අගය ඇති වැඩක්. පරාජිත අාවට ගියාට ගස් ගල් වල, දෙවියන් නැති දේවාල වල පොල් ගහන අයගෙන් පරිස්සම් වන්න....
හාල් වලටත් මේකම කරන්න බැරි ඇයි?
රාමා ඔබ හරි. මේවා කලටි පොල්. මුඩ්ඩ දැක්කම කියන්න පුළුවන් මේවා කලටි පොල්මයි. ගමේ ගොඩේ කොස් දෙල් කාලා හැදුන අයට විතරයි ඒක ඇහැට දැක්ක ගමන් පේන්නේ.
පොල් ගහන්නනම් මේවා හොඳ මදි. කලටි නිසා පොලවේ ගැහුවට බිඳෙන්නේ නැහැ.
එතකොට මේ එලොව පොල් ද? හොරට කඩපු පොල් ද? අතීසාරයට අමුඩ ගැසීම වගේ පොල් බෙදනවා ලොරියෙන් ඔය පොල් එන්නෙත් ලංකාවේ මහා පොළොවේ තියෙන පොල් ගසෙන්
පොල් තාවකාලිකව බාර නොගන්නා බව දන්වමි....
ඔය විකිණන පොල් නැවත ඉස්සරහ පැත්තෙන් ඇතුළට එනවා..... ඉවර නොවෙන පොල් ලොරිය නිර්මාණය යහපාලනයෙන් නොනිමෙන පහන වගේ....
විපුලේ හාලුත් පොල් වගේද පෙනෙන්නේ
පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඉන්න නිලධාරීන් හරිම අලස වංක පුද්ගලයෝ.
Vipula - අරලිය සහල් කියල කරන්නෙත් මේකම තමයි. පොඩි ළමයෙක් වගේ අහන හැටි.
බොරු වැඩ
සභාපතිතුමා කියනවා නියඟය මුවාවෙන් කලුක්කාරයෝ පොල් මිල ඉහළ දාලා කියලා ඔයා ලංකාවේ නොවේද? කුරුණෑගල පුත්තලමේ කන්න දෙකක් පිටපිටම නියඟයට අහුවෙලා.