IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත

 (ජේ.කේ.එල් චාමින්ද)


පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක් සකස් කර තිබේ. 


ඉතා කුඩා භුමි ප්‍රමාණයක ඉතා අලංකාකාර අයුරින් මෙම ආදර්ශ ගෙවත්ත සකස් කර  ඇති අතර  විශේෂයෙන්ම පරිසර හිතකාමි වගා ක්‍රමවේදයන් භාවිතාකරමින් මෙම ගෙවත්ත සකසා ඇත.


 පර්චස් අටක පමණ වපසරියකින් යුත් මෙම ගෙවත්තේ පහතරට මෙන්ම උඩරට එළවළු ද වගාකර  ඇත.


එයට අමතරව අල වර්ග, පළතුරු, කෙළඑළවළු  හා  ඖෂධ වර්ග ද වගා කර ඇත. මෙම ගෙවත්තේ අලංකාර ලෙස නිර්මාණය කර ඇති ගැමි ගෙදරක් ද දැකිය හැකිය.


 ගෙවත්තේ  වෙනම ස්ථානයක  ඔසු  උයන ස්ථාපිත කර  ඇත. මෙම ගෙවත්ත නැරඹිම තුලින් පාසල් දරු දැරියන්ට ගෙවතු වගාව පිළිබද දැනුමක්ද ලබාගත හැකිය. 


ගෙවත්ත සකස් කිරිම සදහා කටයුතු කළ කුමාරි දිසානායක ගුරුතුමිය 


‘ ගෙවත්ත සකස් කරනු ලැබුවේ  ප්‍රාථමික අංශයේ  දෙවැනි පංතියේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමව්පියන්ගේ  සහයෝගයෙන්. වගා කුළුණු මෙන්ම බදුන් වගාවද මෙහි ස්ථාපිත කර තියෙනවා. පාසල් දරුවන්ට මෙම ගෙවත්ත නැරඹිම තුළින් හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. 


විශේෂයෙන්ම  ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරු දැරියන්ට ගෙවතු පාඩමට අවශ්‍ය  දැනුම මේ තුළින් ලබා ගන්න පුළුවන්.විදුහල්පතිතුමිය වන සන්ධ්‍යා පතිරණ වසම් මහත්මිය මේ සදහා අවශ්‍ය මගපෙන්විම අපට ලබා දුන්නා. 


ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍ර දේශිය නිලධාරි කේ.එච් සදමාලි මහත්මිය ඇතුළු  දෙම්විපියන් ලොකු සහයෝගයක් ලබා දුන්නා කුමාරි දිසානායක  කිවාය.


 විදුහල්පති සන්ධ්‍ය පතිරණවසම් මහත්මිය 


 පාසල් අතර පැවත්වෙන ගෙවතු වගා තරගය හා 2018 සිගිති අභිමන් ප්‍රදර්ශනයට සමගාමිව තමයි මේ ගෙවත්ත සකස් කළේ  ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන මාතෘකා 19ක් යටතේ අපි ප්‍රදර්ශන කුටි ඉදි කළා. මේ ගෙවත්ත ඉන් එක් කුටියක්. මේ ගෙවත්ත නැරඹිම සදහා පැමිණෙන දරුවන්ට  ගෙවතු වගාව පිළිබද ආදර්ශ ප්‍රශ්න ඇතුළත් පොතක් දුන්නා.


ගෙවත්ත නරඹලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. දරුවන්ට ගෙවතු වගාව පිළිබඳ අමතර දැනුමක් ලබාදෙනවා.ඒ විතරක් නෙවෙයි ගෙවතු වගාව පිළිබද ආශාවක් ඇතිවෙනවා.මේ නිසා තම නිවස තුල ආදර්ශ ගෙවත්තක් හදා ගන්න පුළුවන් යැයිද විදුහල්පතිතුමිය කිවාය.



අදහස් (6)

සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත

යුරේකි Friday, 15 June 2018 06:08 AM

කොච්චර වාසනාවන්තද

:       2       26

චාපා Friday, 15 June 2018 07:14 AM

අනේ මගේ පරණ ඉස්කෝලේ

:       0       12

Sarath Kariyakaranage Friday, 15 June 2018 09:42 AM

මෙන්න වැඩ

:       0       0

Sarath Kariyakaranage Friday, 15 June 2018 10:18 AM

මෙන්න වැඩ

:       0       0

gama Friday, 15 June 2018 11:12 AM

ඔබේ අලුත් පාසල කොහොමද?

:       0       12

janatha anura galla Saturday, 16 June 2018 01:51 AM

ඉතාමත් ආදර්ශමත් කටයුත්තක්... දෙමාපියන්ගේ කැපවීම අගයකරන නමුත් ඔවුන්ගේ නිවෙස් වල එකුදු මිරිස් පැලයක් හෝ සිටුවා නොමැත. ගෙදරත් සිටුවන්න... එවිට අනෙකුත් පාසල් වල දෙමාපියනුත් ඔබ අනුගමනය කරනු ඇත. එමගින් රටේ පවතින ගෙදර උද්දමනය පහළ යනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site