
කුමට ද බියව රට වනසන රකුසෙකු ට
සුව රැකවරණ මැද අපි යමු ඉදිරිය ට
(පද ආරියසේන හඳුවල)
(රංජන් කස්තුරි)
රජයේ සහ අනුබද්ධ පාසල්වල ඉගැන්වීම් කටයුතු අද සාමාන්‍ය පරිදි ආරමභ වූ අතර සිසු දරුවන් ඉතා උනන්දුවකින් පාසල්වලට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
බොහෝ පාසල්වල අද එන්නත් කරණ වැඩසටහන පැවැති අතර වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුවිය.
පාසල්වලට සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම ඉතාම සාර්ථකව තිබූ බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
පැපිලියාන සුනේත්‍රාදේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් අද සෞඛ්‍යාරක්ෂිතව හා දුරස්තභාවය රකිමින් ඉගෙනුම කටයුතුවල නිරතව සිටි අයුරු
(ඡායාරූප ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිය නම් ඉතා හොදයි නමුත් පුංචි එවුන්ව රැකගන්න එක හරි අමාරු වැඩක් මම දන්නා "එවුන් "වගයක් ඉස්කෝලෙදි මුව ආවරණ මාරු කරන " සෙල්ලමක් " කරලා !!!! ඉතින් තවත් මොනවද අනික ඉතින් කෝවිඩ් හින්ද කියල විශ්ව විද්‍යාල වහගෙන් ඉන්න ආණ්ඩුව එළිමහන් සංගීත සාජ්ජ වලට ඉඩදීල තියෙන්නේ ! ඒවා ඉතින් මාර විදියට සව්ක්ය ආරක්ෂිතව කරනවා නෙව කුඩු කාරයෝ , ගංජා කාරයෝ , අරක්කු බී ගත්ත උන් නටන්නේ අර ඉංග්‍රීසියෙන් පී පී ඊ කියන පුද්ගලික ආරක්ෂණ උපකරණ පැළඳගෙන අන්තිමට පිහි ඇනුම් කරගෙන මරාගන්නෙත් කරගන්නෙත් ඒවා ඇඳගෙන මයි 200% සව්ක්ය ආරක්ෂිතයි විශ්වවිද්‍යාල වගේද ඒවා ? මේවා හුඟක් සංවිදානය කරන්නේ ඒ පළාතේ ඉන්න මෝඩ ප්‍රාදේශීය දේශපාලකයෙකුගේ නමක් ඉස්සරහට දමාගෙන එක ලේසියි නෙව අපි බලමුකෝ ප්‍රතිපල ( ඕවට අනේද කියල වැඩකුත් නැහැ දැන් මෙරටේ වෙන දේවල්වල හැටියට )
ඇවිත් බලන්න අම්බලන්ගොඩ පාසැල් වලට.මෙහෙම නොවෙයි ඉන්නෙ,එකා පිට එකා.හැම පන්ති කාමරයකම සිසුන් 45 ක් හෝ ඊටත් වැඩියෙන් ගාල් කරල තියෙනව.බලධාරින් එනව නම් ටිකක් මාව දැනුවත් කරන්න. මමත් එන්නම් යන්න. ගිහිං පාසල් වල නාම ලේඛන බලන්න.මේ ලගදි අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා විසින් ඉතා නීති විරෝධිව පවත්වාගෙන ගිය පාථමික පන්ති 5 ක් දකුණු පළාත් ආණ්ඩුකාරයා විසින් ඉතා නීති විරෝධී පලස අනුමත කරල දීල තියෙනව. ආණ්ඩුකාරයෙකුට කොහොද එහෙම කරන්න බලයක්. අම්බලන්ගොඩ පධාන පාසල් හතරක තත්වය ඕක තමයි.
ලංකාවේ පාසල් කීයක මේ තත්වේ පවත්වාගෙන යන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ..? බොහෝමයක් දුෂ්කර පළාත්වල පාසල්වල එක ශ්‍රේණියකට එක පන්තියක් බැගින් තියෙන්නේ. ඒ පන්තියේ ළමයි කුකුල් කොටුවේ පැටව් වගේ ඉන්නේ. දුෂ්කර පාසලක වැඩකරපු නිසා අත්දැකීමෙන් කියන්නේ. අඩුගානේ කොළඹ තියෙන ජනප්‍රිය කියන පාසලක වත් මෙහෙම ළමයි ඉන්දවන්න ඉඩ තියෙනවද කියලා මට නම් විශ්වාස නැහැ.