IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සිලාවතුර වෙරළ මුහුදු ඛාදනයට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පුත්තලම මන්නාරම මාර්ගයේ අරිප්පුව නගරය ආසන්නයේ සිලාවතුර වෙරළ තීරය සීඝ‍්‍රයෙන් මුහුදු ඛාදනයට ලක්වෙද්දී ඒ අද්දර පිහිටි ඩොරික් බංගලාවේ නටඹුන්  විනාශ වීම වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ගම්වැසියෝ පවසති.

ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඩ්රික් නෝර්ත් විසින්  ශී‍්‍රක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ෂ 1798 - 1805 අතර කාලය තුළ දී මේ මාලිගය ඉදිකර තිබේ.

එම පාලන සමයේ මන්නාරම මුහුදු තීරයේ සිලාවතුර, කොණ්ඩච්චි හා අරිප්පු ආදී පෙදෙස්වල මුතුබෙල්ලන් එකතු කිරීමේ යෙදී ඇති බවත් ආණ්ඩුකාරවරයා එම කටයුතු නිරීක්ෂණයට එන අවස්ථාවල නවාතැන් ගෙන ඇත්තේ ඩොරික් බංගලාවේ බව සඳහන් වේ. මෙය හොල්මන් බංගලාව ලෙස ද හඳුන්වා දී ඇත.

මේ ඓතිහාසික ස්ථානය මේ ආකාරයෙන් තවදුරටත් විනාශ වී යාමට ඉඩ දෙන්නේ නම් ශී‍්‍ර ලංකාවේ උතුරුකරේ ඉතිහාසය ද වෙනත් අන්දමකින් ලිවීමට සිදුවෙනු ඇති බව ගම්වැසියෝ පවසති.

දැවැන්ත ගඩොල් බිත්තිවලින් සමන්විත ඩොරික් බංගලාව ලංකාවේ සුන්දරතම නිවසක් ලෙස අතීතයේ සලකා ඇතත් මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ අඩක් පමණි. බිත්ති කඩා වැටුණු විශාල ගඩොල් කුට්ටි  මුහුදු වෙරළේ තැන තැන විසිරී ඇති බව දැකිය හැකිය.

එමෙන්ම මෙම වෙරළේ කොටසක් මුහුදු කෑමෙන් වළක්වා ගැනිමට ගල් ආවරණ යොදා ඇතත් වැඩි කොටසක්  මුහුදු රළත් සමඟ තැනින් තැන අඩි 50- 60 පමණ දක්වා කොටස් සේදී ගොස් තිබෙනු දැකිය හැකිය.

මෙම ස්ථානය කිසිදු ආකාරයක සංරක්ෂණයකට ලක් නොවීම නිසා එහි ගල් බිත්ති මත මෙන්ම ඇතුළත කාමරවල පවා මත්පැන් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය විසිර තිබෙනු දැකිය හැකිය.



අදහස් (1)

සිලාවතුර වෙරළ මුහුදු ඛාදනයට

ධම්ම Saturday, 07 September 2019 03:49 PM

ඉතිහාසය කන්නද? අපට උගන්නලා තියෙන්නේ එහෙමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 654 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site