(රොමේෂ් මධුෂංඛ)
සිරියාවේ යුද්ධයට විරෝධය පල කරමින් යුද්ධයෙන් මිය යන අසරණ දරුවන් ඇතුලු සාමාන්‍ය මිනිස් ඝාතනයන් වහාම නතර කිරීමට සියලු රටවල් එකතු විය යුතු බව පවසමින් අද (01) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
ලංකා දෙමළ කොංග්‍රසය විසින් යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට ඇත. මෙම විරෝධතාවයට යාපනයේ සාමාන්‍ය වැසියන්ද සහභාගී වී සිටියහ.
විරෝධතාවට එක් වූවන් කියා සිටියේ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් බැට කෑ රටක් වන අතර යුද්ධයේ වැඩිම අත්දැකීම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට බවයි.
සිරිවේ යුද්ධය නවතා දමන ලෙසට සිදු කරන ඉල්ලීමට අවධානය යොමු කිරීමට සියලු බලවත් රටවල් පියවර ගත යුතු බවත් සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් නොකරන්නේ තම අසරණ ජීවිත දහස් ගනණක් මිය යාමට ඇති හෙයින් , එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු සියලුම රටවල් එක්ව මෙම යුද්ධය නැවත්වීමට පියවර ගත යුතු බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හා සිරියාව සමාන කරන මේ අය රටෙන් පිටුවහල් කරමු. අවස්ථාවදියෝ
කොටි අවුරුදු 23ක් තිස්සේ අහිංසක ජනතාව මරනකොට ඔබලා කොහෙද හිටියේ?
සිරියාවේ යුද්ධයට විරෝධය දක්වලා උතුරේ මිනිස්සු ඊයේ විරෝධතාවයක... දකුණේ මිනිස්සු, බෙලි කපන සිංහයෝ හොයනවා. උතුරෙන් දකුණට නොගිය මනුස්සකම. යුද්ධයේ භීතිය දැනෙන්නේ යුද්ධයෙන් බැට කෑ සැබෑ මිනිසුන්ට පමණි.
ශ්‍රී ලංකාවේ කවදාවත් ජන සංහාරයක් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලංකාව සහ සිරියාව එකිනෙක වෙනස් රටවල් දෙකක්.
ලංකාවේ වුණේ ඉල්ලන් කාපු එකයි. ඉල්ලන්නේ නැතුව හිටියා නම් කන්න වෙන්නෙත් නැහැ. රටේ හැමතැනම අදටත් ද්‍රවිඩයෝ හොඳට බිස්නස් කරගෙන කිසි කරදරයක් නැතුව ඉන්නේ. සිරියාවේ තියන්නේ රටෙන් කොටසක් ඉල්ලලා වෙනම ජාතියක් කරන යුද්ධයක් නෙමෙයි මෙහෙ කළා වගේ....