IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ යුද්ධයට විරෝධය පල කරමින් යාපනයේ උද්ඝෝෂණයක්

(රොමේෂ් මධුෂංඛ)
 
සිරියාවේ යුද්ධයට විරෝධය පල කරමින් යුද්ධයෙන් මිය යන අසරණ දරුවන් ඇතුලු සාමාන්‍ය මිනිස් ඝාතනයන් වහාම නතර කිරීමට සියලු රටවල් එකතු විය යුතු බව පවසමින් අද (01) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

 
ලංකා දෙමළ කොංග්‍රසය විසින් යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට ඇත. මෙම විරෝධතාවයට යාපනයේ සාමාන්‍ය වැසියන්ද සහභාගී වී සිටියහ.
 
 
විරෝධතාවට එක් වූවන් කියා සිටියේ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් බැට කෑ රටක් වන අතර යුද්ධයේ වැඩිම අත්දැකීම් ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවට බවයි. 
 
සිරිවේ යුද්ධය නවතා දමන ලෙසට සිදු කරන ඉල්ලීමට අවධානය යොමු කිරීමට සියලු බලවත් රටවල් පියවර ගත යුතු බවත් සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය අවසන් නොකරන්නේ තම අසරණ ජීවිත දහස් ගනණක් මිය යාමට ඇති හෙයින් , එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු සියලුම රටවල් එක්ව මෙම යුද්ධය නැවත්වීමට පියවර ගත යුතු බවත්ය.



අදහස් (5)

සිරියාවේ යුද්ධයට විරෝධය පල කරමින් යාපනයේ උද්ඝෝෂණයක්

samantha Thursday, 01 March 2018 03:53 PM

ලංකාව හා සිරියාව සමාන කරන මේ අය රටෙන් පිටුවහල් කරමු. අවස්ථාවදියෝ

:       0       1

Rohitha Friday, 02 March 2018 11:25 AM

කොටි අවුරුදු 23ක් තිස්සේ අහිංසක ජනතාව මරනකොට ඔබලා කොහෙද හිටියේ?

:       433       1019

නිර්මලා Saturday, 03 March 2018 03:32 AM

සිරියාවේ යුද්ධයට විරෝධය දක්වලා උතුරේ මිනිස්සු ඊයේ විරෝධතාවයක... දකුණේ මිනිස්සු, බෙලි කපන සිංහයෝ හොයනවා. උතුරෙන් දකුණට නොගිය මනුස්සකම. යුද්ධයේ භීතිය දැනෙන්නේ යුද්ධයෙන් බැට කෑ සැබෑ මිනිසුන්ට පමණි.

:       0       1

ajitha Saturday, 03 March 2018 05:35 AM

ශ්‍රී ලංකාවේ කවදාවත් ජන සංහාරයක් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලංකාව සහ සිරියාව එකිනෙක වෙනස් රටවල් දෙකක්.

:       0       1

ලපයා Saturday, 03 March 2018 09:04 AM

ලංකාවේ වුණේ ඉල්ලන් කාපු එකයි. ඉල්ලන්නේ නැතුව හිටියා නම් කන්න වෙන්නෙත් නැහැ. රටේ හැමතැනම අදටත් ද්‍රවිඩයෝ හොඳට බිස්නස් කරගෙන කිසි කරදරයක් නැතුව ඉන්නේ. සිරියාවේ තියන්නේ රටෙන් කොටසක් ඉල්ලලා වෙනම ජාතියක් කරන යුද්ධයක් නෙමෙයි මෙහෙ කළා වගේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site