
(රංජිත් රාජපක්ෂ)
සති අන්ත නිවාඩුව සමග ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් අද දින හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූහ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්‍රවේශපත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ සිටිහ.
ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ධාවනයට එක් කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ මොලේ නැති කකුල් දෙකේ හරක් ඉන්න රටක්... මේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැත.
තවත් කොරෝනා රැල්ලක් අත ළඟ...
ගුරු පොකුර ගැන කතා කරපු අය කොහේ සැඟවුණාදෝ...?
බස්වලිනුත් නොමිලේම ප්‍රවාහනය කළා නම් බැතිමතුන්ට හරි පහසුයි.
මේක මොකක්ද? අර හිරු සංගීත සංදර්ශනයක් තිබ්බේ පෝර්ට් සිටි එකේ... ඒවට කවුරුවත් කතා නැහැ.
තවත් කොරෝනා පොකුරක්...!