
(සුමිත් ප්‍රේමතිලක)
චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කරන බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉශ්මි මහතා පවසයි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ෂනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වරුන්වන පියල් නිශාන්ත , ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනූප පැස්කුවෙල්, සංජිව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුනසේන ඇතුළු වෛද්‍ය නිලධාරීන් නිලධාරී පිරිසක්ද සහභාගි වූහ.
වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම සිදුකල අතර , එන්නත ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් විවේචන එල්ල කරමින් නැවත හැරී යන අයුරු ද දැකගත හැකිවිය .
විදේශිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.



2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි
kanishka rajapaksha Saturday, 08 May 2021 11:19 AM
මුට්ටි පොළවේ ගහලා, ගංගා වලට අතහැරලා, පැණි බීලා, නාලා අන්තිමට ලෝකයේ ඇති නැති සයිනෝෆෝර්ම්, ෆයිසර්, ඇස්ට්‍රාෙසනෙකා යනාදී එකී මෙකී නොකී ලෝකයේ සියලුම එන්නත් හිඟාකාලා මිනිස්සුන්ට විඳින්න වුණා කියන්නකෝ...
Demuni Uduwara Saturday, 08 May 2021 01:42 PM
ලෝක සෞඛ්‍ය සංවිධානය "හදිසි භාවිතය" සඳහා සීනෝෆාම් අනුමත කර ඇති අතර අපගේ නියාමන අධිකාරියද මෙය අක්‍රිය කළ එන්නතකි. ඇස්ට්‍රාසෙනෙකා සහ ස්පුට්නික් වී වෛරස් දෛශික එන්නත් වන අතර ෆයිසර් බයෝටෙක් සහ මෝඩර්නා ආර්එන්ඒ එන්නත් වේ.
සුභාශ් Saturday, 08 May 2021 02:05 PM
කාරුනික ඉල්ලීමක් ... කිසි කෙනෙක් බය වෙන්ට එපා මෙම සයිනෆාම් එන්නතට... මම ඉන්නෙ ඩුබයි වල මේ රටේ බහුතර ප්‍රමාණයක් ලබාගත්තෙ සයිනෆාම් එක.. කිසිම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ... මේ රට ප්‍රමිතිය ගැන ඉතා උනන්දුවක් දක්වනව. ආවට ගියාට දෙයක් දෙන්නෙ නෑ... ඉතින් මෙහෙ අය හැමෝම වගෙ ලබාගන්නවා.
Chaminda Saturday, 08 May 2021 02:35 PM
මම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වල රැකියාව කරන්නේ. මෙම රටේ සියලුම දෙනාට එන්නත් කරනු ලැබුවේ සයිනෆාම් එන්නතය. නමුත් අපට ලබාදුන් එන්නත එක් අයෙකුට එක කුඩා පෙට්ටියක ඇතුලත 0.5ml අඩංගු එක් කුඩා සිලින්ජර් එක්ක තිබුනේ. ඇයිද දන්නේ නැහැ ලංකාවට පැමිණි එන්නත කුඩා බෝතලයක.