සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රටපුරා වෛද්‍යවරු අද (21) වැඩ වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත්වුහ.
(බදුල්ල)
(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)




(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



(මඩකලපුව-ජවුෆර් ඛාන්)




(ඡායාරූප - ඉෂාන් සංජිව)


(පොලොන්නරුව-ක.ග කරුණාරත්න)


(හදිසි රෝගීන් ඇතුළත් කළ අයුරු)
(ගම්පහ -තිලකරත්න දිසානායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සයිටම් කෙහෙල්මල වහල දැම්ම නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඔය හොර කඩේ දාපු දවසෙ ඉදන් රටටත් වගතුවක් නැහැ.
ඔවුන්ට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. ඔවුන් පඩි ගන්නේ අපේ බදු මුදලින්. එම නිසා අපගේ ශක්තිය පෙන්වීමට මේ හොඳම කාලයයි.
කොච්චර වැඩ වර්ජන කලත් ඕක වහන්නේ නම් නැහැ පුතෝ.
ඇමතිවරුනම් කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනත් සිංගප්පූරු ගිහින් බෙහෙත් ගනීවි. අපිනේ දුක්විඳින්න ඕනා. දොස්තරවරු වැඩි වැටුප්, වරප්‍රසාද ඉල්ලලා වර්ජන කරද්දී ඒ අයට දොස් ඉල්ලුවා.
මේ හොර දොස්තරලට පුද්ගලික හොස්පිටල් පුද්ගලික චැනලින් සේරම හොදයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් නරකයි.
ඒක ඈත්ත. ආණ්ඩුවට වගක්වත් නෑහෑ. හොර උපාධි කඩේ තියාගෙන ඉන්නම තමයි උත්සාහ කරන්නේ.
අපේ ලංකාවේ රෝගීන් 1000 ට එක දොස්තර කෙනයි ඉන්නේ මේ තත්ත්වේ 200 ට එක දක්වා වෙනස්වෙන්න ඕනේ. එකට ගුණාත්මක වෛද්‍ය විද්‍යාල හදන්න ඕනේ, සයිටම් එක හොඳ නැතිනම් වහන්න ඕනේ. එහෙමයි කියල මේ දොස්තරලා අහිංසක රෝගීන් බිල්ලට ගන්න එක සම්පූර්ණ වැරදි වැඩක්. මේ දොස්තරලා හරි කුහකයි තව දොස්තරලා අලුතෙන් අවොත් මේ අයට දවසකට රුපියල් 50000 සිට 100000 දක්වා රෝගීන්ගේ බොටුව මිරිකලා සල්ලි ගන්න බැරිවෙනවා මෙයාලට ඕනේ හැමදාම එකාධිකාරියක් තියාගන්න . ඕක තමයි නියම ඇත්ත.
මොන ආණ්ඩුව ආවත් රටට ඇති තරම් වෛද්‍ය විද්‍යාල හැදෙන්නෙත් නැහැ. රටට අවශ්‍ය තරමට වෛද්‍යවරු බිහි වෙන්නෙත් නැහැ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් වත්, A L සුදුසුකම් සහිත ළමයි සෙට් එකකට ඉගෙන ගන්න ඉඩ දෙන්න. තව ශතවර්ෂ භාගයකින් වත් ජවිපය ආණ්ඩුවක් එනකම්. පුද්ගලික ටියුෂන්, චැනල් හොස්පිටල්, ඉන්ටනැෂනල් පාසල් මේවා අලුත් දේවල් නෙමෙයි. තරුණයින්ගේ දක්ෂතාවයට ඉඩක් හදන්න ඕනෑ. අධ්‍යාපනයට තියෙන ඉඩකඩ වහන එක නෙමෙයි යුතුකම. වරදක් තිබේ නම් නිවැරදි කර අපේ ලංකාවේම සම්පතක් වන තරුණයින්ට තවත් ඉගෙන ගෙන ඉදිරියට යන්න මාර්ගයක් හදන එකයි අවශ්‍ය. 80 ගණන් වල තිබුණු තත්වයට ශිෂ්‍යයන් පොළඹවා රට ගිනි තියන්න හදන උගතුන්ද සිටීම ගැන සියල්ලන්ම කණගාටු විය යුතුයි.
මේක මහා විහිළුවක්, මුළු සයිටම් එකේම දැනට ලියාපදිංචි සිසුන් ගණන 86 යි. මේක මහා රට විනාශ වෙන ප්‍රශ්නයක් වගේ සමාජගත කරලා දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා අපේ ජන ජීවිතය අවුල් කරන්නේ දේශපාලන වුවමනාවකට මිසක් වෙන මොනවටද? සයිටම් යනු මොකක්ද කියලවත් දන්නේ නැති ගමේ ගොඩේ මිනිසුන් මේකට විරුද්ධව කඩේ යනවා. අනික මේක ආරම්භ කළේ මහින්ද රාජපක්ෂගේ කාලේදීය... සයිටම් පනත නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ දිනේෂ් ගුණවර්ධනයි.
නරි හූවකටත් පාරට බස්සවන්න පුළුවන් රැලක් ඉන්න රටේ, මේවත් මහා අමුතු දේවල්ද? අසරණ රෝගීන් අපහසුතාවයට පත්වෙද්දී වර්ජනය සාර්ථකයි කියන අය ඉන්න රටේ... වර්ජනය දැකලා අපිත් හූවක් කියලා සතුටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?
ලෝකේ දියුණුවත් සමග ගොඩක් රටවල්වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. විශේෂයෙන් ගත්තොත් චීනේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 220ක් තියෙනවා. ඒවායෙන් බිහිවෙන දොස්තරලා දහස් ගාණක් ඉස්පිරිතාලවල වැඩකරනවා. එහේ දොස්තරලා මෙහෙ වගේ විරෝධතා ස්ට්‍රියික් නැහැ. විරෝධතා ස්ට්‍රයික් කලොත් කෙළින්ම හිරේ. මොකද මේ තීරණ ගන්නේ මහා ආණ්ඩුව විසින්... අපේ රටේ දොස්තරලා එනවා අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා ආණ්ඩු පෙරලන්න. ආණ්ඩුව මොන විසඳුම ගෙනාවත් මේ දොස්තර සංගමය කිසිම දෙයකට කැමති නැහැ. මේක විහිළුවක් වෙලා දැන්. මේ දොස්තරලා ලෙඩ්ඩුන්ගේ රීරි මාංශ උරා බොන මාපිල්ලෝ වගේ. ආණ්ඩුව දැඩි තීරණයකට ඇවිත් මේ දොස්තරලගේ වරප්‍රසාද සියල්ල කපාහරින්න.
බංගලිදේශේ, රුසියාව හෝ ඉන්දියාව වගේ රටක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතිව ලංකාවේ වෛද්‍ය සභාවේ විභාගය සමත් වී සේවයේ යෙදෙන්න පුළුවන් නම්, අපේ රටේ ඇති මෙම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පාලනයකින් ළමයින් ඉගෙන ගත්තම මොකද වෙන්නේ ? ඊට පසු ඔවුන්ද වෛද්‍ය සභාවේ විභාගය සමත් විය යුතුයි. මෙයින් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කොහොමද ?
ඕක වහලා ලක්ෂ ගණන් කොමිස්ලාට කොහොමද ගෙවන්නේ? ලක්ෂ්මන්ට කීයක් දෙනවද කියලා කව්ද දන්නේ?