IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව

ලංකා  සමසමාජ පක්ෂයේ  විශේෂ  සමුළුව  කොළඹ  ප්‍රදර්ශන හා සම්මේලන  මාධ්‍යස්ථානයේ දී   අද  (29) පැවැත්විණි.

මෙම  අවස්ථාවට   එම පක්ෂයේ  ප්‍රධාන ලේකම්   තිස්ස විතාරණ ,  විපක්ෂ  නායක මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   ජනාධිපති  අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ  , දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ ,උදය  ගමිමන්පිල , ඩග්ලස්  දේවානන්ද ,වර්ධරාජා  පෙරුමාල්,  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි ව සිටියහ.
 
 ඡායාරූප   චතුර එස් .කොඩිකාර



අදහස් (19)

සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව

sirimal Sunday, 29 September 2019 09:07 AM

ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වගේ මහත්තුරු හිටියානම් මොනවා හිතෙයිද?

:       7       248

ArisSunday, 29 September 2019 04:24 PM

මොනවා හිතන්නද? ඒ කට්ටියත් වමේ ආණ්ඩු සමග එකතුවෙලා තමයි ඇමතිකම් ගත්තේ...

:       117       35

kap Sunday, 29 September 2019 09:10 AM

එකම සෙට් එක... එකිනෙකාගේ හුණ්ඩු පක්ෂවල සම්මේලනවලට යනවා. ඉන්න සෙට් එකෙන්ම කියන්න පුලුවන් මේ පක්ෂ කොච්චර වයස්ගත වෙලාද කියලා. රටට කිසිම වැඩක් නැති පක්ෂ.. නමට සමසමාජ...!!! මොවුන්ගේ ළමයි ධනපති රටවල්වල හොඳට ඉන්නවා. විදේශ අධ්‍යාපනේ ලබනවා. කබල් ගාන එවුන් පාරෙ බුදියනවා..

:       46       511

Gamarala Sunday, 29 September 2019 10:15 AM

ඔබගේ ළමයින්ට රට යන්න අවස්ථාව ලැබුනොත් යවන්නේ නැද්ද? ඊයේ එක ඇමති කෙනෙක් කියලා තිබුණා ලක්ෂ විසිපහක් විතර උගත් තරුණ පිරිසක් විදේශ ගතවෙලා කියලා..

:       181       3

kapSunday, 29 September 2019 11:42 AM

මගේ ළමයි රට යවනවා මගේ සාධාරණව හම්බ කරපු සල්ලි වලින්. මම මහජනයාගෙන්, රටෙන් හොරා කාපු සල්ලිවලින් මගේ පවුල නඩත්තු කරන්නේ නැහැ. නමෙන්ම තේරෙනවා කොච්චර ගැත්තෙක්ද කියලා.

:       5       403

Gamarala Sunday, 29 September 2019 10:07 AM

දැන් ඉන්න අය මේ පක්ෂ ගැන දන්නේ නැතිවුණාට ඒ අය අද ඉන්න දේශපාලකයන් වගේ ගසාකාපු, ධනය රැස්කරපු අය නොවෙයි. රට, ජාතිය ගැන අවංකව හිතපු මිනිස්සු. මේ අයට බනින අය ඒ පක්ෂ ගැන ඉතිහාසය කරුණාකරලා සොයලා බලන්න.

:       159       74

රජින්ද Sunday, 29 September 2019 10:46 AM

හත්වෙනි පින්තූරය, ජනමතය තියෙන තැන...!!

:       53       12

kapSunday, 29 September 2019 11:43 AM

2015දී හිතුවෙත් එහෙම තමයි..

:       6       24

danapala Sunday, 29 September 2019 12:08 PM

ඇත්තටම මේ පක්ෂයට දැන් කී දෙනෙක් ඉන්නවද?

:       1       52

siri Sunday, 29 September 2019 01:57 PM

අනේ අනිච්චන්... අර මහත්තයට දැන් මේවටත් යන්න වෙලා. පව්අප්පා කරපු වැරදිවලින් ගැලවෙන්න ඕනෑ මලදානයක් කියලා හිතනවා ඇති.

:       2       101

සෙනෙවිරත්න Sunday, 29 September 2019 02:36 PM

හත්වන පින්තුරය... දැන්ම ගහන සෙල්ෆියක් විතරයි. දිනුවත් කිට්ටුවෙන්න බැහැ. පැරදුණත් ඇමරිකාවේ යන්න වෙනවා සෙල්ෆි ගන්න...

:       9       130

Hafeel Sunday, 29 September 2019 02:58 PM

වර්ධරාජා පෙරුමාල් තමයි 1989 දී උතුරු නැගනහිර මහ ඇමති හැටියට දෙමල ඊලාම් නම් කරලා ඉන්දියාවට පලා ගියා. දැන් එයාත් ඔතන. එතකොට එයාත් දේශප්‍රේමිද? මොකද්ද මේ රටේ දේශප්‍රේමී සහ දේශද්‍රෝහී සහතික නිකුත් කරන්නේ දැනට අපරාධ නඩු ගණනාවට මුහුණ දෙන අර විමල් වීරවංශ සහ උදය ගමිමන්පිල විසින්

:       4       158

kumar (Gulf) Sunday, 29 September 2019 06:51 PM

උපන්දාසිට හැමදාම බංකොලොත් වම, මෙයාලා දන්නේ රට කන්න විතරයි.. හදන්න නොවෙයි.

:       1       210

kap Monday, 30 September 2019 04:23 AM

හෆීල්, සියලු පව් හේදෙයි... වරක් වැන්දොත් කැලණියේ වගේ, සියලු දේශද්‍රෝහිකම් නැතිවේ. හේත්තු වුණොත් රජතුමාට...

:       2       62

ලුම්බිණි Monday, 30 September 2019 04:48 AM

ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව නම් මෙතන සිටිය යුත්තේ ලංකා සමසමාජ පක්ෂයේ උදවිය.. මෑතක විමල් වීරවංශගේ පක්ෂ සමුළුවක් තිබුණා. එතනත් හිටියේ මේ කට්ටිය. මේවා පක්ෂ සමුළු නොවෙයි. කල්ලි සමුළු...

:       1       172

Subra Monday, 30 September 2019 10:45 AM

ඔය නාකිසෙට් එක යනකම් බලයේ ඉන්න හදන්නේ. දෙන්නකෝ ඔය තනතුරු තරුණ කොල්ලන්ට සහ කෙල්ලන්ට...

:       1       16

kapMonday, 30 September 2019 11:42 AM

සමසමාජේ අදහස්, ලෙනින් නාමය ලෝකෙන් තුරන් වෙලා ගොඩක් කල්.... පටන් ගත්ත රැසියාවෙත් වෙනස් වෙලා. අපේ නාකි සෙට් එක විතරයි ලෝකෙටම ඉන්නේ...

:       0       146

ajithTuesday, 01 October 2019 09:22 AM

ජවිපෙත් දැන් වයසට ගිහිල්ලා.

:       1       0

nimal Tuesday, 01 October 2019 09:41 AM

අද කොහේ හෝ ධනවාදයක් හෝ සමාජවාදයක් තියෙනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site