









(ක.ග. කරුණාරත්න)
ජාතික කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්‍වයෙන් ඓතිහාසික සෝමවතිය පුද බිමේදී අද (08) පැවැත්විණි.
සෝමවතිය රජ මහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.ඉන් පසු ඓතිහාසික සෝමවතිය රජ මහා විහාරාධිපති පහමුනේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජනාධිපතිවරයා විසින් සෝමවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුද්ධ පූජාව පිලිගන්වන ලදී.
පසුව ඉපැරණි චාරිත්‍රානුකූලව කඨීන චීවරය පූජා කිරීමේ මහා පිංකම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය. ජනපති ප්‍රමුඛ පිරිස මහා සංඝ රත්නනය වෙත දානය පිළිගන්වා, අට පිරිකර පූජා කළහ. ජනපති බිරිය අයෝමා රාජපක්‍ෂ මහත්මියද ඒ අවස්ථාවට එක්ව සිටියාය.
පෙර රජ දවසින් පසුව කඨින මහා පුණෝත්සවයක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන ලද්දේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර බව කියැවේ.
සෝමවතිය රජ මහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මේ මහා පිංකම සඳහා ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය වැඩම කර සිටි අතර කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් පැනවී ඇති සෞඛ්‍ය පිළිවෙත් සහ නිරෝධායන නීති යටතේ එහි ආගමික වතාවත් සිදු කරනු ලැබූහ.
ඒ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, උතුරු මැද පලාතේ ආණ්ඩුකාර මහීපාල හේරත්, ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් 140 චීන කොරෝනා එන්නත ඔතන ඉන්න සේරටම ගහලා නැහැනේ... ඉතින් කෝ දුරස්ථභාවය? කෝ වගකීම?
දේශපාලනයට එක දාගන්න නෙමෙයි ආරාධනා කරලා තියෙන්නේ. ලංකාවෙ ඉන්න සිල්වත්ම බෞද්ධයා නිසයි.
ජාතික කඨින උත්සවය ඉවර උනාට පස්සේ තමයි කඨින උත්සව සදහා සීමා පනවන්නේ....
ජාතික කඨින උත්සවය ඉවර වුණාට පස්සෙ තමයි මතක් වෙන්නෙ කඨින උත්සව සදහා සීමා පනවන්න.
සාදු... සාදු ... සාදු ... කොරෝනා අස්සේ පැවැත්වූ අපේ ශ්‍රේෂ්ඨතම බෞද්ධයාගේ සංදර්ශනයට මුල්වුණේ අපේ බෞද්ධ මහජනයාට හදපිරි කණගාටුව පුදකරමි.