(ක.ග. කරුණාරත්න)
ශ්‍රී සම්බුද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධි ගණනාවක් සනිටුහන් කෙරෙන ඇසළ පුන් පොහාය දිනය යෙදී තිබෙන අද(04) දිනයේ දිවයිනේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටිති.
කොරා්නා වසංගත රෝබිය හේතුවෙන් මාස කිහිපයක් ජනශූන්‍යව පැවැති පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වෙත මේ වසරේ වැඩිම පිරිසක් වන්දනාකරුවන් පැමිණියේ අද (04) දිනයේ බව එහි වැඩ වසන හිමිවරු පැවසූහ.
සෝමවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දාන, ශීල, භාවනාදී පිංකම් රැසක් සෝමවතිය සෑ රදුන් උදෙසා සිදු කෙරුණු අතර දිවයිනේ නන්දෙසින් පැමිණි ජනයා අති විශාල පිරිසක් ඊට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන් අයගේ සැපතේදී, තම සිත් සතන් තුළ කැකෑරෙමින් පවත්නා , ඊර්සියා සහගත දුර්ගුණ සිතුවිලි දුරුවී, ලොව සැමටම කරුණා, මුදිතා ගුණයන් වර්ධනය කරගෙන, අප සම්මා සම්බුදුපියාණන් දෙසූ දහම් මගේ ගමන් කොට, මේ සසර දුකින් මිදීමට සියල්ලන්ගේ සිත් තුළ පහන් සිතුවිලි පහළ වේවා..!!!
සෝමාවතීහි වැඩවසනා ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී ධන්ත ධාතුන් වහන්සේගේ අනුභාවයෙන් මේ ලක් දෙරණෙහි සිටිනා සියලුම ජාතීන්ට, ආගම්වලට අයත් සියලුම මනුෂ්‍යයින්ට සෙතක්, ශාන්තියක් වගේම නිරෝගී සුව ලැබේවා...!!!
මේ ලෝකයේ ඕනෑම ආගමකට අයත් සිද්ධස්ථානයකට ඔබ ගියොත්... ඒ සිද්ධස්ථානයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ අහස උසට නැගී කොටසේ අග උලක් හැඩයෙන් අවසන්වී ඇත. විශ්වය දෙසට යොමුවී ඇති බව පෙනෙනවා. මෙය බුද්ධාගමේ චෛත්‍යයක්, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම් පල්ලිවල පමණක් නොව මායා, ඉන්කා යුගවල පන්සල්වලත් එලෙසම තිබුණා. ඊජිප්තුවේ ඇති පිරමීඩවල අග උල් කොටස දිශානත වී ඇත්තේ විශ්වයේ ඈත පිහිටි තාරකා රාශියක තරුවක් වෙත බව සොයාගැනීමෙන් පසු විද්‍යාඥයින් ඒ දෙස සිය අවධානය යොමු කළා. අපි සිද්ධස්ථානයකට ගොස් දෙවියන්, බුදුන් වඳින විටදී සිදුකරන “යාදිනියන් “...විශ්වයේ තවත් කොටසක් වෙත ලැබෙනවද..? EHF , හෝ SHF වැනි මේ ලොව අප ඉතාම අඩුවෙන් භාවිතාකරන සංඛ්‍යාත ඔස්සේ මේ යාදිනියන් විශ්වයට මුදාහරින ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරන්නේ මම මුලින් කී දේවස්ථානවල ඉහළම කොටසේ අහස දෙසට යොමුවී ඇති උල් කොටසද..? විශ්වයේ එහා කෙළවරින් විශ්ලේෂණය වී පෙරලා නැවත ඒ ඇන්ටනාව කරා පැමිණෙන තරංග අප වෙත රැගෙන එන්නේ.. අප කළ යාදිනියට පිළිතුරක් ලෙස වෙස්වලාගෙන එන පිහිටද.”..? ඇත්තටම අපි කවුද..? අපි කොහේ යන අයද..? අද විද්‍යාඥයින් හමුවේ ඇති "පාර භෞතික" ප්‍රශ්නය එයයි...
සෝමාවතියේ නිධන් කර ඇත්තේ බුදුන්වහන්සේගේ දකුණු දළදාවයි. මහනුවර දළදා මාලිගාවේ ඇත්තේ බුදුන්වහන්සේගේ වම් දළදාවයි. ඉතින් මෙතරම් පූජනීය ස්ථාන ලංකාවේ තවත් නම් ඇත්ද?
අදත් පොහෝ දිනයක්.. පොසොන් පොහොය දා - අපි දැමු කොමෙන්ට්ස්, සියල්ල පලවී ....මම හඳට කි කතා - කිවේ ඔබටමයි කියා , ඔබට හැඟුණ වග... මට හැඟුනේ අදයි..
නිර්මල බුදුදහමේ පවතින අදෘශ්‍යමාන බලය ගැන ලොව බොහෝ විද්වතුන් පර්යේෂණයේ යෙදෙනවා. පශ්චාත් පර්යේෂණ උපාධි වැඩපිළිවෙළක් සඳහා මාත් එසේ කරනා කෙනෙක්... මා සතුව බොහෝ වටිනා විද්‍යානුකූල සාක්ෂි තිබුණත්, ඉහත වැඩපිළිවෙළ නිසා ඒ සියල්ල ඒ වෙනතුරු ලොවට දීමට අසීරුයි. උතුම්වූ බුද්ධ රත්නයේත්, ශ්‍රී සද්ධර්මයේත්, සිල්වත් ආර්ය මහා සංඝ රත්නයේත් සත්‍ය බලය අනන්තයි. අප්‍රමාණයි. මිසදිටුවන් කොපමණ වෙර දැරුවත්, එයට හානිකළ නොහැකියි. අතීතයේ එක්තරා කාල වකවානුවක මට බොහෝ කරදර පුද්ගලික ප්‍රශ්න තිබුණා. මගේ මනස අවුල් වියවුල්ව තිබුණා. මගේ නිරවුල් ඉඩමක් විකුණාගෙන ඒ මුදලට ගෙයක් සහිත නිරවුල් ඉඩමක් ගැනීමට මට දැඩිව ඕනෑ වී තිබුණා. මා සෝමාවතී චෛත්‍ය තුළ වැඩ වෙසෙන දළදා හාමුදුරුවන් ඉදිරියේ භාවනානුයෝගීව ඒ වෙනුවෙන් බාර වුණා. ඒ මොහොතේම උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෙන්වූවා. මට හරිම පුදුමයි. මා බොහෝ සතුටින් පැමිණ ටික දිනකින් මහා පුදුම විදිහට ඒ බලාපොරොත්තු දෙකම ඉහළින් සිදුවුණා. මට එතෙක් හිරිහැර කළ නෑ සමූහයාම පරාජය වුණා. මගේ දුකට පිහිට වූ ජීවමාන බුදු හිමියන් සමාන මේ දළදා වහන්සේට මාගේ ජීවිතය පූජාවේවා..!!! උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... !!!
කිසිවෙකුත් මුඛ ආවරණ පැළඳ නැත.