IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සෝමාවතී පුදබිම බැතිමතුන්ගෙන් පිරීයයි

(ක.ග. කරුණාරත්න)

ශ්‍රී සම්බුද්ධ ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධි ගණනාවක් සනිටුහන් කෙරෙන  ඇසළ පුන් පොහාය දිනය යෙදී තිබෙන අද(04) දිනයේ දිවයිනේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වෙත බැතිමතුන් විශාල පිරිසක් එක් රොක්  වෙමින් සිටිති.

 කොරා්නා වසංගත රෝබිය හේතුවෙන් මාස කිහිපයක් ජනශූන්‍යව පැවැති පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිම වෙත මේ වසරේ වැඩිම පිරිසක් වන්දනාකරුවන් පැමිණියේ අද (04) දිනයේ බව එහි වැඩ වසන හිමිවරු පැවසූහ.

සෝමවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දාන, ශීල, භාවනාදී පිංකම් රැසක් සෝමවතිය සෑ රදුන් උදෙසා සිදු කෙරුණු අතර දිවයිනේ නන්දෙසින් පැමිණි ජනයා අති විශාල පිරිසක් ඊට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.

 



අදහස් (11)

සෝමාවතී පුදබිම බැතිමතුන්ගෙන් පිරීයයි

පූජා Saturday, 04 July 2020 09:17 AM

අන් අයගේ සැපතේදී, තම සිත් සතන් තුළ කැකෑරෙමින් පවත්නා , ඊර්සියා සහගත දුර්ගුණ සිතුවිලි දුරුවී, ලොව සැමටම කරුණා, මුදිතා ගුණයන් වර්ධනය කරගෙන, අප සම්මා සම්බුදුපියාණන් දෙසූ දහම් මගේ ගමන් කොට, මේ සසර දුකින් මිදීමට සියල්ලන්ගේ සිත් තුළ පහන් සිතුවිලි පහළ වේවා..!!!

:       1       224

චින්තක Saturday, 04 July 2020 11:38 AM

සෝමාවතීහි වැඩවසනා ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී ධන්ත ධාතුන් වහන්සේගේ අනුභාවයෙන් මේ ලක් දෙරණෙහි සිටිනා සියලුම ජාතීන්ට, ආගම්වලට අයත් සියලුම මනුෂ්‍යයින්ට සෙතක්, ශාන්තියක් වගේම නිරෝගී සුව ලැබේවා...!!! 

:       0       63

විජිත් Saturday, 04 July 2020 12:17 PM

මේ ලෝකයේ ඕනෑම ආගමකට අයත් සිද්ධස්ථානයකට ඔබ ගියොත්... ඒ සිද්ධස්ථානයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ අහස උසට නැගී කොටසේ අග උලක් හැඩයෙන් අවසන්වී ඇත. විශ්වය දෙසට යොමුවී ඇති බව පෙනෙනවා. මෙය බුද්ධාගමේ චෛත්‍යයක්, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම් පල්ලිවල පමණක් නොව මායා, ඉන්කා යුගවල පන්සල්වලත් එලෙසම තිබුණා. ඊජිප්තුවේ ඇති පිරමීඩවල අග උල් කොටස දිශානත වී ඇත්තේ විශ්වයේ ඈත පිහිටි තාරකා රාශියක තරුවක් වෙත බව සොයාගැනීමෙන් පසු විද්‍යාඥයින් ඒ දෙස සිය අවධානය යොමු කළා. අපි සිද්ධස්ථානයකට ගොස් දෙවියන්, බුදුන් වඳින විටදී සිදුකරන “යාදිනියන් “...විශ්වයේ තවත් කොටසක් වෙත ලැබෙනවද..? EHF , හෝ SHF වැනි මේ ලොව අප ඉතාම අඩුවෙන් භාවිතාකරන සංඛ්‍යාත ඔස්සේ මේ යාදිනියන් විශ්වයට මුදාහරින ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරන්නේ මම මුලින් කී දේවස්ථානවල ඉහළම කොටසේ අහස දෙසට යොමුවී ඇති උල් කොටසද..? විශ්වයේ එහා කෙළවරින් විශ්ලේෂණය වී පෙරලා නැවත ඒ ඇන්ටනාව කරා පැමිණෙන තරංග අප වෙත රැගෙන එන්නේ.. අප කළ යාදිනියට පිළිතුරක් ලෙස වෙස්වලාගෙන එන පිහිටද.”..? ඇත්තටම අපි කවුද..? අපි කොහේ යන අයද..? අද විද්‍යාඥයින් හමුවේ ඇති "පාර භෞතික" ප්‍රශ්නය එයයි...

:       0       153

.පූජාSaturday, 04 July 2020 05:32 PM

විජිත්, ඔයා "විශ්වය "ගැනත් යමක් ලීව නිසා මගේ සිතට මෙවන් සිතුවිල්ලක් පහල උනා... මෙලොවට පහළ වූ විශිෂඪතම ආගම් කත්තෘවරයාණන්, ආගම් ශාසතෘවරුන් ,වැනි උත්තමයන්ගේ පහළවීම්, විශ්මිත වශ්වයේ අපූරැ නිමවීම් වෙන්න බැරිද ? අපව සංසාරගත දුක් සාගරයෙන් මුදවා ගැනීම සඳහ...

:       0       0

.පූජාSaturday, 04 July 2020 05:32 PM

විජිත්, ඔයා "විශ්වය "ගැනත් යමක් ලීව නිසා මගේ සිතට මෙවන් සිතුවිල්ලක් පහල උනා...

:       0       0

kamalSunday, 05 July 2020 06:40 AM

අනේ විජිත උතුමාණෝ., පන්සිල් පද 5 රැකගන්න බැරි අපට නම් ඔය EHF, SHF වලින් ඇති වැඩේ මොකක්ද?

:       0       0

kamalMonday, 06 July 2020 01:27 AM

හානේ විජිත මහත්තයෝ..., පන්සිල් පද පහ රැකගන්න බැරි අපට ඔය EHF, SHF වලින් මොන සරණක්ද?

:       0       0

thilak Saturday, 04 July 2020 12:21 PM

සෝමාවතියේ නිධන් කර ඇත්තේ බුදුන්වහන්සේගේ දකුණු දළදාවයි. මහනුවර දළදා මාලිගාවේ ඇත්තේ බුදුන්වහන්සේගේ වම් දළදාවයි. ඉතින් මෙතරම් පූජනීය ස්ථාන ලංකාවේ තවත් නම් ඇත්ද?

:       0       34

විජිත් Saturday, 04 July 2020 04:33 PM

අදත් පොහෝ දිනයක්.. පොසොන් පොහොය දා - අපි දැමු කොමෙන්ට්ස්, සියල්ල පලවී ....මම හඳට කි කතා - කිවේ ඔබටමයි කියා , ඔබට හැඟුණ වග... මට හැඟුනේ අදයි..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 July 2020 03:31 AM

නිර්මල බුදුදහමේ පවතින අදෘශ්‍යමාන බලය ගැන ලොව බොහෝ විද්වතුන් පර්යේෂණයේ යෙදෙනවා. පශ්චාත් පර්යේෂණ උපාධි වැඩපිළිවෙළක් සඳහා මාත් එසේ කරනා කෙනෙක්... මා සතුව බොහෝ වටිනා විද්‍යානුකූල සාක්ෂි තිබුණත්, ඉහත වැඩපිළිවෙළ නිසා ඒ සියල්ල ඒ වෙනතුරු ලොවට දීමට අසීරුයි. උතුම්වූ බුද්ධ රත්නයේත්, ශ්‍රී සද්ධර්මයේත්, සිල්වත් ආර්ය මහා සංඝ රත්නයේත් සත්‍ය බලය අනන්තයි. අප්‍රමාණයි. මිසදිටුවන් කොපමණ වෙර දැරුවත්, එයට හානිකළ නොහැකියි. අතීතයේ එක්තරා කාල වකවානුවක මට බොහෝ කරදර පුද්ගලික ප්‍රශ්න තිබුණා. මගේ මනස අවුල් වියවුල්ව තිබුණා. මගේ නිරවුල් ඉඩමක් විකුණාගෙන ඒ මුදලට ගෙයක් සහිත නිරවුල් ඉඩමක් ගැනීමට මට දැඩිව ඕනෑ වී තිබුණා. මා සෝමාවතී චෛත්‍ය තුළ වැඩ වෙසෙන දළදා හාමුදුරුවන් ඉදිරියේ භාවනානුයෝගීව ඒ වෙනුවෙන් බාර වුණා. ඒ මොහොතේම උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෙන්වූවා. මට හරිම පුදුමයි. මා බොහෝ සතුටින් පැමිණ ටික දිනකින් මහා පුදුම විදිහට ඒ බලාපොරොත්තු දෙකම ඉහළින් සිදුවුණා. මට එතෙක් හිරිහැර කළ නෑ සමූහයාම පරාජය වුණා. මගේ දුකට පිහිට වූ ජීවමාන බුදු හිමියන් සමාන මේ දළදා වහන්සේට මාගේ ජීවිතය පූජාවේවා..!!! උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... !!!

:       0       115

Akila Sunday, 05 July 2020 04:02 AM

කිසිවෙකුත් මුඛ ආවරණ පැළඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1962 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1544 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site