
(දිලීප් ජයසේකර)
නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.
කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.
අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.
කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.
අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.
මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.
දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ පවුලේ විස්තර ලබා ගත හැකිද?
අපි අපේ අයට උදව් කරමු. කාරුණික ඉල්ලීමක්, ඔබගේ අවදානය පිණිස.
අයියෝ දරුවො රජ පවුලේ වැඩිමලා කිව්වෙ මාසෙකින් අලි ප්‍රශ්නෙ විසදනවා කියලනේද තාම නැද්ද නැත්නම් දැන් ඉතින් ඔටුන්න හිමි කුමාරයාට කියලා බලන්න ඊලග සැරෙත් එයාටම දෙන්න.
අපට ඔවුන්ට උදව් කළ හැකි සම්බන්ධතා තොරතුරු අපට දෙන්න,
මෙයාලට උදව්වක් කරන්න කැමතියි. කොහොමද ඒයාලව හමුවන්නේ.
මේ පවුලට උදව් කරන්න පුලුවන් විදිහත් දාන්න. අපි කැමතියි උදව් කරන්න.
මේ වගේ අසරණ පවුල් වලට උදව් කරමු හැමෝම පුළුවන් විදියට.
ගිය අවුරුද්දේ 5000 දීපු වෙලාවේ ගෙදර අය බඩගින්නේ ඉන්න ඇරලා ඒකෙන් සුරාව බීපු වීරයන් ගැන හිතුවම මෙන්න නියම පිරිමියෙක්. බැංකු ගිනුම් විස්තරයක් දෙනවානම් ගොඩක් සල්ලි නැතිවුනත් තියන විදිහට කීයක් හරි දාන්න පුලුවන් දවස් කීපයක් කන්න හරි නැත්නම් ඒ ඇත්තටම දාන පාරමිතාවක් පිරුවා වගේ තමුන් ජීවිතය දීලා හරි බිරිඳ දරුවන් බේරන්න ගිය සැමියාට අවශ්‍ය දෙයක් ගන්න හරි. ඒ නිසා මේ එක්ක ගිනුම් තොරතුරු දෙන්න කියලා ලංකාදීපයෙන් ඉල්ලා සිටිනවා.
මට මේ අය සම්බන්ධ කරගන්න විදිහක් කියන්න.
උදව් කරන්න කැමතියි. කොහොමද කරන්නේ කියලා කියන්න.
දැනට මේ අයට බැංකු ගිනුමක් නෑ. ඒ නිසා අප ප්‍රාදේශීය මාධ්‍යවේදී මහතා මේ වන විට බැංකු ගිනුමක් ආරම්භ කරන්න කටයුතු කරමින් සිටිනවා. එය ලැබුණු විගස අප පාඨක මහත්ම මහත්මීන්ට ලබා දීමට කටයුතු කරන්නෙමු.
ඇත්තටම ඔව්, මේ අසරණ පොඩි පැටවුන්ට උදව් කරන්න පුළුවන් මටත්.
ලබා ගත හැකි විට කරුණාකර ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර මට එවන්න.
මේ පින්තූරෙ දැක්කම ඇස්දෙකෙන් කඳුළු බේරුනා. කරුනාකර ඔවුන්ගේ නිවැරැදි ගිනුම් අංකය එවන්න, හැකි ආකාරයකට උදව් කිරීම සදහා.
කරුණාකර බැංකු ගිණුම් විස්තර සඳහන් කරන්න
විසඳිය හැකි ප්‍රශ්න විසඳන්නේ නැති දේශපාලකයෝ සහ රාජ්‍ය සේවකයෝ ඉන්නකල් මේ ප්‍රශ්න දිගටම තියෙයි. චන්ද එයි ,ආණ්ඩු පත්වෙයි ......................අපි හුරේ කියයි. පෙරහැරේ යන අලි ගැන හොයන සෙට් එක මොකද කියන්නේ ,උදව්වක් කරමුද ?
මේ අයට උදව් කරනවා කියලා මේ අලි ගොඩේ ගෙවල් හදලා වැඩක් නැහැ. අලි කරදරය නැති පැත්තකින් ඉඩම් කෑල්ලක් රජය හරහා ගන්න පුළුවන් විදිහක් බලන්න ඕනේ මුලින්ම...
යම් උදව්වක් කිරීමට කරුණාකර බැංකු ගිණුමේ විස්තර එවන්න.
මහින්ද මහත්තයාගෙ පින්තූරෙත් අලි පාගල වගේ නොදැනුවත්වම, ජොගිං පාත් හදන එකට වඩා මේ අසරණයන්ට අලි වැටක් ගහන එක වැදගත් නොවෙනව ඇති. මහින්ද මහත්තයා ඉතාලියෙ පවුලම පිටින් ආවම මොනවත් කරාවි.
ගෝඨාභයගේ පින්තූරෙත් අලි පාගලා
හිතවත් කතෘ , මෙවැනි පවුල් වලට උදව් කිරීමට ක්‍රමයක් තිබේද? කරුණාකර මහජනතාව දැනුවත් කරන්න. අපට යම් මුදලක් තැන්පත් කළ හැකිය. නිවසක් තැනීම සඳහා යමෙකුට මූලිකත්වය ගත හැකි නම් , කමල්ට සැබවින්ම ස්තූතිවන්ත විය යුතුය
හම්බන්තොටින් බිහි උන මිනිස්සු නේද 2004 ඉඳන් රට පාලනය කරන්නේ ?
ලිපිනයයි, ඔවුන්ගේ දුරකථන අංකයකුයි මේ සමඟ පල කරන්න .උදව් කරන්න කැමති හැමෝටම ලොකු පහසුවක් වෙයි
ප්‍රමුඛත්වය අලියටද මිනිහටද? මට බලතල ඇතොත් ගන්න තීරණයට ඔබ එකග නොවෙනවා නියතයි. ඒත් මම මිනිහගෙ පැත්තෙ. ඔබ…?
ඔබට ඔවුන්ට උපකාර කිරීම සඳහා මෙම පවුල් සම්බන්ධතා විස්තර එවිය හැකිද?
පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රයේ ජොගින් පාක් හදන්න දගලන මහ එකාගේ ඇස් ඇරේවා
මෙහෙම රටක තමයි ගුරුවරු පඩි මදි කියලා ගෙදර ඉන්නේ...
හම්බන්තොට කියද්දිත් මොකක්ද වගේ..? පව් මේ මිනිස්සු... කාලකන්නි හොරාකන්න හදපු වරායක්.., ගුවන් තොටුපල, ක්‍රීඩාංගණ, ඉන්න ගෙයක්වත් නැහැ... මේ මිනිස්සුන්ට...
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි...
මටත් පුළුවන් මෙයාලට උදව්වක් කරන්න.. අපි ඔක්කොම එකතු වෙලා මේ කට්ටියට ඉන්න තැන හදලා දෙන්න දායකත්වය දෙමු. මගේ ඊමේල් එකට විස්තර එවන්න.
මිරිස්කුඩු ගසා බේරෙන්න.
මේක එක් සිද්ධියක් පමණයි. අද සෙනසුරාදා පුවත් මගින් පොලොන්නරුවේත් එවැනිම සිද්ධි කීපයක් සිදුවුණු බව දැක්කා. ඇත්තටම වඩා වැදගත් වන්නේ මංතීරු හැදීමද? නැත්නම් මෙවැනි දේට විසඳුමක් ලබාදීමද? නුවණැත්තෝ සිතත්වා...!!!
ගරු කතෘතුමනි, මෙම පවුලට මුදල් ආධාරයක් කිරිමට මා කැමතියි. කරුණාකර එම මුදල එවීමට හැකි ආකාරයක් මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
ආ ....
කරුණාකර මට මේ පවුල පිළිබඳ සියලු විස්තර, දුරකථන අංක සමග එවන්න...
අපිට උදව් කරන්න පුළුවන් ඇයට නිවස සාදවා දෙන්න...
ඇයි මේ ඈත ගම්වල ජීවත්වෙන මිනිසුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලිවන්නේ? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත, නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?
කරුණකර මට ඊමේල් එකට විස්තර දන්වන්න... ටෙලිෆෝන් නම්බරයක් හරි එවන්න..
දුරකථන අංකය ලබාදෙන්න..
පවුල් පාලනේ රජකරන පැත්තනේ.. හතර වරිගයේම අයට මොන සැපද? ගමේ මිනිසුන්ව මතක් වෙන්නේ ඡන්දෙ ගන්න විතරයි.
මට මේ අයගේ විස්තර එවන්න.
හෙල්පින්ග් හම්බන්තොට තියෙන්නේ. හොයලා බැලුවේ නැතෙයි..
මට නම් උදව්වක් කරන්න වෙලාවක් නැහැ. මම පැය ගණනක ඉඳලා අරක්කු පෝලිමේ...
කරුණාකර මට ඔවුන්ගේ දුරකථන අංකය හෝ ලිපිනය එවන්න.
ලංකාදීප පත්තරය සමග සම්බන්ද වෙන්න
කරුණාකර සම්බන්ධතා විස්තර දෙන්න.
මම ඇමරිකාවේ ජීවත් වන වෛද්‍යවරයෙක්. මට මේ පවුලට නව නිවසක් තැනීමට උදව් කිරීමට අවශ්‍යයි. ඔවුන්ට උදව් කිරීමට තොරතුරක් හෝ සම්බන්ධතාවක් මට දන්වන්න.
වරායට, ගුවන්තොටුපොළට, ක්‍රිකට් ක්‍රීඩා පිටිය ආදිය හදන්න මුළු හම්බන්තොටම හෙලෙව්වා. අද එහි කැලෑ නැහැ. අලි ගම් වදිනවා හැර වෙන මොනවා කරන්නද?
අලියා ගහන්නෙත්, සරපයා ගහන්නෙත් දුප්පත් බැරි මිනිහටමයි.
නිවසක් තනා දෙන්නම්, මට ඔවුන්ගේ දුරකථන අංකය සහ ලිපිනය එවන්න.
වනජීවී ඇමති සැප විඳිනවා.
පරිත්‍යාගයක් සඳහා කරුණාකර මෙම පවුලේ බැංකු ගිණුම් අංකයක් අපට එවන්න.
මට එයාලට උදව් කරන්න පුළුවන් .. මට ඒ අයගේ විස්තර එවන්න.
ඔවුන්ට යම් උදව්වක් ලබා දීම සඳහා කරුණාකර අපට ඔවුන්ගේ සම්බන්ධතා විස්තර ලබා ගැනීමට ඉඩ දෙන්න. ඔබට ස්තුතියි!
මට ඔවුන්ගේ බැංකු ගිණුම් අංකය ලබා ගත හැකිද?
මෙම පවුලට උදව් කිරීමට මම ඇත්තෙන්ම කැමතියි, කරුණාකර මට එහි සම්බන්ධතා විස්තර එවන්න.
මෙයාලට උදව්වක් කරන්න කැමතියි. කොහොමද ඒයාලව හමුවන්නේ.
මෙම පවුල සම්බන්ධ කර ගැනීමට කරුණාකර සම්බන්ධතා අංකයක් එවන්න.
මේ පවුලට උදව් කරන්න පුලුවන් විදිහත් දාන්න. අපි කැමතියි උදව් කරන්න.
හැකි උපකාර සඳහා කරුණාකර ඔවුන්ගේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ධතා තොරතුරු අපට දන්වන්න.
රුපියල් 50000 ක් දෙන්න කැමතියි. විස්තර දන්වන්න.
උපකාර සඳහා කරුණාකර ඔවුන්ගේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ධතා තොරතුරු අපට දන්වන්න.
මේ රටේ ඔය වවගේ පවුල් තව දදහස් ගනනක් ඉන්නවා. අපි මිනිසුන්ට උදව් කරන්නේ අත පය කඩා ගත්තට පස්සෙද? හොහොඳයි ඒ මිනිස්සු මලානම් මොකක්ද කරන උදව්ව ? අමාරුවෙ වැටුනම උදව් කරන කුහක සිතුවිල්ල සමහරු උවමනාවෙන්ම ප්‍රචාරය කරනවා. අපි ආණ්ඩු පත්කරගන්නෙ, බදු ගෙවන්නෙ ඇමත්වරු මන්ත්‍රීවරු පලාත්සභා ප්‍රාදේශීය සභා තියෙන්නෙ ඔය ප්‍රශ්න විසඳන්න . සාමාන්‍ය පෙල අසමත් අසමජ්ජාති රොත්තක් පාර්ලිමේන්තු යැව්වම රටේ ප්‍රශ්න විසදෙන්නෙ නැති බව අර හැටනම ලක්ශෙ කට්ටිය තේරුම් ගන්න ඕනෙ.
මේ අයට උදව් කරනන පුලුවන් කොහොමද
මේ ජනාධිපතිවරු ,අගමැතිවරු ,කතා නායකලා නිර්මාණය කරපු දිස්ත්‍රික්කයක් .මිනිස්සු තාම අසරණයි .වෙනස් කල යුතු නැද්ද මේ පාදඩ සමාජ ක්‍රමය
උපකාර කිරීම සඳහා මෙම පවුල් සම්බන්ධතා විස්තර එවිය හැකිද? තවද කරුණාකර බැංකු විස්තර ලබා දිය හැකිද?
අපි අපේ අයට උදව් කරමු.අපේ පන්තිය වෙනුවෙන් දේශපාලකයෝ කිසිවක් නොකරති
මේ පවුලට උදව් කරන්ඩ සත්ගුණවත් අය ඉදිරිපත් වීමත් ලොකු සතුටක්.ඔවුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය " .මහජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් සුර සැප වින්දින කාලකන්නි දේසපාලුවන්ට හිතක් පපුවක් නැති හැටි ,
ලංකාවට නිතර යන එන කාලයේ එහෙම සරණ උනා..පුද්ගලිකවම.. ආයෙත් යන්න පුලුවන් උන දවසට සත්තකින් ආයෙ ඒ වැඩ කරනවා.. නමුත් බැංකු ගිණුම් වලට මුදල් යවන්නෙ නැහැ කවදා වත්..මොකද අදාල තැනට නොලැබෙන නිසා..හෝ සම්පූර්ණම මුදල නොලැෙබෙන නිසාත්.. ( හොඳටම දන්න අසරන පවුලකට) 2020 මුලින් රඡයෙන් නියම කල රු. 5000 ලැබුනෙත් ග්‍රාම සේ.නිළදරුන්ට කී වාරයක් පින් සේන්ඩු වෙලාද .දැන් මෙතනම හැම කෙනෙක්ම අවංකවම ඉදිරිපත් උනාට, ලංකාවේම ඉන්නවා නම් පුද්ගලිකව කරුණාකර සොයා බලන්න මුදල් හරියට පරිහරණය වනවාද කියා.. පිට රටක සිට යවනවා නම් 100% ක් විශ්වාස කෙනෙකු හරහා කරන්න..පරිස්සම් වෙන්න..
මම අදයි මේ පුවත දැක්කේ, මගෙ ඇස්වලින් කඳුලු ගලා ගෙන ආවා, මම පොසතෙක් නෙමෙයි ඒත් මම මට ජිවත් වෙන්න තියෙන දෙයින් මුදලක් මේ අහිසංක පවුලට එවනවා. බැංකු ගිනුමක් ඇර මේ දරු පවුලට උදව් කරමු.
කරුණාකර ගිණුම් විස්තර මට එවන්න. මම දායක වෙමි.
උදව් කරන්ඩ සත්ගුණවත් අය ඉදිරිපත් වීමත් ලොකු සතුටක්. ඔවුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය "
තව කුළුණු තුනක් විතර හැදුවානම් ප්‍රශ්නේ ඉවරයි. උදව් කරන්න ඉදිරිපත් වුන අයට පින්...
උදව් කිරිම සඳහා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත්,ලින්ක් එකත් කිහිප වරක් යොමු කළත් ලංකාදීප පත්තරේ පල නොවීම ගැන කණගාටු වෙමි.
රටේ පාලකයෝ කාලා තර වෙලා V8 වල පාවෙනවා. රටේ පුරවැසියන් තවමත් ජීවත් වෙන්නේ අප්‍රිකාවේ රටක වගෙයි. මොකක්ද අප්පා මේ රටට වෙලා තියෙන්නේ?
මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකි රජයේ ආයතනයක් හෝ සංවිධානයක් තිබිය යුතුය. සිංහල බෞද්ධ රටේ මිනිස්සු ඉදිරිපත් විය යුතුයි