(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.
උන් වහන්සේ එසේ පැවසුවේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනකු අවස්ථා කිහිපයදී බීමත්ව සිටියටදි හසු වුණා.මේ ගැන පොලිසියට පැමිණිලි කළාම ඒවාට නීතිය ක්‍රියාත්මක නොකර මඩකලපුව අධිකරණයේ මට විරුද්ධව නඩු තුනක් පවරලා තියෙනවා.මේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ආපු දවසේ ඉඳන් මට හිරිහැර කරනවා .මේ ගැන මම ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම් දුන්නා.ඒකට නිසි අයුරින් කටයුතු කරන්නේ නැත්නම් මෙයට අපි විරෝධය පල කරනවා “යැයි ඒ හිමියෝ පැවසූහ.
මෙම මාධ්‍ය හමුව අවසානයේදි පොලිස් නිලධාරියකුගේ අනුරුවක්ද සුමනරතන හිමියන් විසින් ගිනි තබනු ලැබිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේ පොලිස් නිලධාරියෙකුගේ අනුරුවක් පිළිස්සීම බුදුදහම අනුව මොනවගේ ක්‍රියාවක්ද අපේ හාමුදුරුවනේ?
වෛරයෙන් වෛරය නොසන්සිදේ!
මේවගේ දේවල් කිරීම හිමි නමකට සුදුසු නැහැ, අනිකුත් ආගම්වල මේවා දැකල හිනාවෙයි
මේක හරියට පඹයකු විසින් තවත් පඹයෙකු පිළිස්සුවා වගේ වැඩක් නෙමෙයිද?
වෛරයෙන් වෛරය නොසන්සිඳේ...
මොන පිස්සුවක්ද මේ? මේ ආගමික නායකයෙක් නම් නෙමේ.... වෙනම කෙනෙක්. රටේ නීතියක් දන්නේ නැති හැටි හැබෑටම...
වෛරය ප්‍රකාශ කිරීම, බුදු දහමට යන කල.. අකටයතු කම් සිදුවනවා නම් කළයතු පිළියම් බොහෝය.. බුදු දහමේ පවතින කාරණාවලට හානි ගෙන එන දෑ කිරීම උචිත නොවේ.
කුණුහරුපයෙන් බනිනවා විදුලිය හොරෙන් ගන්නවා මිනිසුන්ට පහරදෙනවා දැන් නිල ඇදුම් ගිනි තියනවා හොද බුදු පුත්‍රයෙක්
කුජීතයි අපේ හාමුදුරුවනේ
බීමත් පොලිසිය ආරක්ෂා කිරීම යහ පාලනයේ එක අංගයකි/
මේක මම බොහෝ කරුණාවෙන්මයි කියන්නේ.. අනේ හාමුදුරුවනේ මේක නොවේනේ බුදුන්වහන්සේ දේශනා කරපු මාර්ගය. මෙවැනි ගැටීම තව තවත් දුකටමනේ අරන් යන්නේ.. ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේවා... තෙරුවන් සරණයි..!!!
මේ මානසික අසනීපයට නම් ඉක්මණට බෙහෙත් කරන්න වෙයි.
වෛරයෙන් වෛරය නොසංසිඳේ... මොහු මේ බණ පදය අසානැතුවද?
බුදු දහම රැකගන්න.... තියෙන මුල් තැන එලෙසම රඳවා ගන්න. දේශපාලකයෝ සහ අපි කොච්චරදෝ දත කනවා. මට නම් ඒ තැන මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. මම හිතන්නේ එය රැකන්න නම් අපි උන්වහන්සේගේ ධර්මය එලෙසින්ම පිළිපැදිය යුතුය යන්නයි. නමුත් එතකොට දැන් මේවාගේ දේවල් දකිනකොට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා ඔක්කොම ගැහැණු ළමයින්ගේ නම්වලට විතරක් සීමා වෙලාද කියලත් හිතෙනවා අම්මපා. අනේ යන්න.
මාසෙකට විතර පොඩි රඟපෑමක් කරලා පිටරට ඉන්න අයගෙන් ආගම දහම බේරගන්න පොඩි සම්මාදමක් ගන්න විදිහ... ඒ නිසා එච්චර මේවට කලබල වෙන්න එපා.
"චේතනාහන් භික්කවේ කම්මං වදාමි "