(නිමල කොඩිතුවක්කු)
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සදහා ස්ථීර පත්වීම් ලිපි ප‍්‍රදානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) සිදුකෙරිණි.
විශ‍්‍රාමික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා විශ‍්‍රාම වැටුප් ලිපි පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, ඛණිජතෙල් රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ළඟ වුණාම හූණු බිත්තරත් වෙදකමට ඕනෑ වගේ...
විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක් දුන්නොත් හොඳ නැද්ද? සමෘද්ධි නිලධාරීන්ට වඩා වැදගත් දෙයක් ආර්ථිකය පැත්තෙන් විදෙස් ශ්‍රමිකයන් ඉටුකරනවා නේද?
ඡන්දයක් එනවෝ.. මමත් එනවෝ.. අරයා දිනුවොත් මේ නඩු අර සිල් රෙදි, ඇවන් ගාර්ඩ්, මිග් යානා වගේ යට ගහන එකක් නැහැ ඔන්න...
මේ සිදු කරන්නේ නව පත්වීම් දීමක් නොව මෙතෙක් කල් පත්වීම් ස්ථිර නොකර තබා තිබූ සමෘද්ධි සේවකයින්ගේ රැකියාව ස්ථිර කරදීමයි. ඔවුන්ගේ රැකියාව ස්ථිර කර නොතිබූ නිසා විවිධ දේශපාලුවන්ට කඩේයාමට සිදුවූයේ රැකියාව ස්ථිර නොවූ බැවිනි. මින් ඉදිරියට ඔවුන්ට තමන් කැමති දේශපාලනයක් කළ හැකි අතර මෙය සමාන කළ හැක්කේ යම් ආකාරයක වහල් බවින් මිදීමකට වේ.
'වත්තේ දොළ' ළඟ ඉන්න පෙරකදෝරු මහත්මයාට මේ වැඩේත් මැතිවරණ අල්ලසක් විදිහට පෙනිලා අල්ලස් කොමිසමට පැමිණිලි කරයිද දන්නේ නැහැ.
යුද්ධයට ගොස් අාබාධිත වී සිටින හමුදා සෙබළුන්, ඔවුන්ගේ පඩිය ඔවුන් ජීවත්ව සිටින කාලයටම ඉල්ලා සිටිමින් කරන අරගලයට විසඳුමක් වශයෙන් ඔවුන්ගේ පඩිය ඔවුන් ජීවත්ව සිටින කාලයටම දීමට නොහැකි නම් ඔවුන් විශ්‍රාම ගියපසු ඔවුන්ට ලැබෙන විශ්‍රාමයට අමතරව විශේෂ දීමනාවක් හමුදාවන් වෙනුවෙන් පමණක් ලබාදීමට රජයට නොහැකිද?
අල්ලස් තමා.. හරි විදියට ඡන්දෙ දෙන්න දරුවන් ගැන හිතලා..
මේක හොරු බෝ කරන ව්‍යාපෘතියක්. විදෙස් ශ්‍රමිකයින් කියන්නේ රටට කන්න බොන්න විතරක් නොවෙයි මහා ධනපතීන්ට යාන වාහනත් ඉන්ධනත් බෙහෙත් හේත් ඔක්කොම ලබාදෙන උදවිය. විදෙස් විනිමය ලබාදෙන අයට නොදෙන දීමනා හොරුන්ට දෙන එක අපරාධයක්. ආබාධිතයින් හැරුනුකොට කිසිම කෙනෙකුට ආධාර , ගෙවල් ආදිය දෙන්න ඕනේ නැහැ.