( ළහිරු හර්ෂණ)
සමගි ජනබලවේගය ‘ලකුණ‘ ලෙස දුරකථනය ජන ගත කිරීමේ උත්සවය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.
එහිදී නව ලංකා නිදහස් පක්ෂ සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීම සිදු වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ගිවිසුම් හුවමාරුවක් ද සිදු විය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික හෙළ උරුමයේ නායක පාඨලි චම්පික රණවක, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, ඒ එච් එම් ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා, ජේ සී අලවතුවල ඇතුළු පිරිසක් ද සහභාගී විය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරේෂන් 6 ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන මේ යුගයේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ගේ කාලේ ටෙලිෆෝන් එකකට ලැබෙන තැන මොකක්ද කියලා මෙතුමා තේරුම් ගන්නකොට පෙරහැර ගිහින්.
අවලංගු කාසි එක පේළියට...
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තාමත් රඟ දැක්වේ....
ජයවේවා ! රට රකින නව රජයක් පිහිටුවීමට හැකි වේවා !
නම වෙනස් වුණාට පරණ හොරු ටිකම තමයි. අලුත් දෙයක් නැත. මොවුන් අාවොත් රටේ විනාශය දෙගුණ තෙගුණ වනු ඇත.
මොකද්ද ජනගත කරනවා කියන්නේ ?
අසරණ බවට පත් ලක්ජනතාවගේ උණුසුම් සුබපැතුම්..!!!
පෝන් එකේ දැනටම බැට්රි බැහැලා. කෝල් ගන්න බැහැ. කොච්චර රීචාජ් දැම්මත් වැඩක් නැහැ.
හැමදාම නායකකමේ එල්ලිලා ඉන්න හදන රනිල් වැනි නායකයින්ට හොඳ පාඩමක්.. රනිල් ප්‍රමුඛ එජාපෙට වැඩිම වුණොත් 3%-7%ත් අතර ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන්... රාජපක්ෂ පවුල් වාදයට අකමැති නමුත් එජාපෙට යන්න අකමැති කුමාර වෙල්ගම වැනි තව පැරණි ශ්‍රිලනිප නායකයින් කිහිප දෙනෙක් ඉදිරියට මේ ගොල්ලන් සමග එකතුවේවි...
ජයවේවා....!!! රට ගොඩ ගැනීමට සජිත් මහත්මයාට දිරිය ශක්තිය ලැබේවා...!!! මේකත් මතක තියාගන්න. mcc කියන රට පාවාදෙන ගිවිසුමට පක්ෂ සමහරු ඔබතුමා සමග ඉන්නවා. එනිසා ඔබතුමා ප්‍රසිද්ධියේම ජනතාවට දිව්රා කියන්න mcc සෝෆා අක්සා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියා. ඒ වගේමයි ඔබ ජයග්‍රහණය කළ පසුත් මහජනයාට පොරොන්දු වූ ලෙසම ඒ ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඒවා කුණු කූඩයටම දමන්න. ඩොලර් මිලියන 480කට රට පාවාදෙන පාවාදෙන්නෙක් නොවන්න. ඔබට ජයම වේවා. අපි ඔබ සමගයි...!!!
මේ රටේ ඉන්න මිනිසුන්ගෙන් 95%ක් රනිල්ට සහ මහා බැංකු හොරුන්ට අකමැතියි. නමුත් රටේ පාලකයන් කිහිප දෙනෙකු 2015 පෙර මහා බැංකු හොරු සමග ගනුදෙණු කළ නිසාත්, රනිල් එජාප නායකයා වෙලා ඉන්න කල් උඩින්ම දිනන්න පුළුවන් නිසාත්,... රනිල්, රවී, වජිර කල්ලිය ආරක්ෂා කරති. ඔවුහු MCC එක ගැන කෙලින් වචනයක් නොකියති.
මෙහෙම කළාම අර අහිංසක රනිල්ට මොකද වෙන්නේ. පව් නැද්ද?
ගිලෙන්න ඉන්න මිනිහට පිදුරු ගහත් මහා වෘක්ෂයක් කිව්වලු. එ්ත් ඉතින් ගිලෙනවාම තමා! පව්...!!!
මම හිතුවා වෙල්ගම, චන්ද්‍රිකාට කිට්ටුකරන කොට ඔය වෛරී කොරෝනා රෝගය එයත් වැළඳගනී කියලා... කොහොම වුණත් සජිත් ඔබ පරිස්සම් වන්න. වෙල්ගමගේ දේශපාලන කාලයේදී ඔබේ තාත්තාටත් ඔබටත් කියපුකතා නැවත පත්තර, යූටියුබ් බලා මතක්කර ගන්න.
හිටපු ජනාධිපතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් ඔය සමගි සංවිධානයට එකතුකරගෙන දිග ගමනක් රට වෙනුවෙන් යාමට සූදානම් වෙන්න. හැබැයි, රට හිනස්සන කතා ඔබවටා සිටින අයගෙන් පිටකිරීමට ඉඩ නොතබන්න...! ජනාධිපතිවරණයෙන් පසු රටවැසියා බලාපොරොත්තු වූ සහන වෙනුවට රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියේ පටන් හැම දෙයකම මිල ඉහළ නැංවීමෙනුත්, ලෝක වෙළඳ පොලේ පහළ යමින් තිබෙන ඉන්ධන මිල ජනතාවට නොදීමෙන් අපහසු තත්වයට පත්කිරීම යනාදී දහසකුත් එකක් වැරදි ගැන ඔබගේ පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන නම් ජනතාව ඔබ කෙරේ කිසිම පැහැදීමක් නැති බව ඔබ දන්නවාද? විරුද්ධ පක්ෂ නායකයා හැටියට ඔබ රජයට එරෙහිව මීට වඩා වාග් ප්‍රහාර එල්ල කර, රටවැසියාට ඔවුන් බලාපොරොත්තු වූ සහන ලබාදීමට රාජපක්ෂ පාලනයට බලකිරීම ඔබගේ යුතුකම සහ වගකීම බව අප ඔබ ඔබට මතක් කරදීම අනවශ්‍ය බව අපේ හැඟීමයි !!!
නන්දලාල් තණකොළ කන නිදහස හරක්ට වගේම මිනිස්සුන්ටත් තියෙනවා.