අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් අනුස්මරණය කරමින් උන්වහන්සේ විසින් ගොඩ නැංවීම ආරම්භ කරනු ලෑබු අනුරාධපුර විලච්චිය ඇලපත්ගම දුෂ්කර ගම්මානයේ වෙනුවෙන් ඉන්දීය රජයේ මුල්‍ය අනුග්‍රහයෙන් නව නිවාස 153 ක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කථානායක නිල නිවසේ දී අද(14) සිදු කෙරිණ.
කථානායක කරු ජයසූරිය මහතා ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මම නිවාස ව්‍යපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක මුදලක් පිරිනැමීමට නියමිතය.
එම ගිවිසුමට ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ඩබ්.කේ.කේ අතුකෝරාල මහත්මිය අත්සන් කළහ.
(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිලියන තුන්සීයෙන් මිලියන සීයක්වත් ඔය ව්‍යාපෘතියට වැය කරයිද? රටේ සංවර්ධනයයට පුණ්‍ය කටයුතු සහ වෙනත් දේවලට යොදවන මුදල් මංකොල්ල කාල සැප විඳින නරුමයෝ ඉන්න රටක්.
අයියෝ එ්කටත් දේශපාලකයෝ ගාවගත්තද ? දෙයියන්ගේම පිහිටය් සල්ලි ටිකට. ඉන්දීය රජය තාම දන්නැද්ද මේ රටේ දේශපාලකයෝ අහිංසක ජනතාව රවට්ටන්න දූෂණ, වංචා, හොර, වැඩ කරන ලෝකේ ඉන්න නරකම ජන කොට්ටාශය කියලා. දැන්ම ඊමේල් එකක් යවලා ඉන්දීය රජය දැනුවත් කරන්න.
ගැමුණු ඔයා මොකද හිතන්නේ?
ඉන්දියන් සල්ලි ටිකට නම් අබ සරණයි . සොබිත හාමුදුරුවෝ නිවන් දකිත්වා.!!! සිරි ලංකාවට තෙරුවන් සරණයි.
කරු කියන්නේ හොරෙක් නොවන බව මේකේ කමෙන්ට් දාන අය හැර අනෙකුත් ශ්‍රී ලංකික ජනතාව දන්නවා...