




(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක )







(ඡායාරූප - ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය අද (17) පෙරවරු යෙදුණු සුබමොහොතින් විවෘත කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෛද්‍ය පීඨය විවෘත කෙරිණි.
විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන් හා කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් හා ආශිර්වාද මැද මෙම වෛද්‍ය පීඨය විවෘත කෙරිණි.
මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතාගේ ආරාධනයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල යන මැති අමතිවරුන් රැසක්, රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු, දේශපාන අධිකාරිය, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු සනාතන සභාව, පාලක සභාවේ නිලධාරීහු, අාචාර්ය මහාචාර්යවරු හා පරිපාලන කාර්ය මණ්ඩලය ද සහභාගී වුහ.
එමෙන්ම මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති උසස් අධ්‍යාපන ලේකම් ඇතුලු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
මීට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ජනතා අයිතියට පත් කිරීමද සිදු විය.
( ප්‍රින්ස් රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් මේ මේකට විරෝධය පාන අය?
මෙය විවෘර්ත කළේ මොන නගරයේද?
කොල්ලනී කෝ තොපේ උද්ගෝෂණ. කොල්ලනී උඹලා හොඳයි පාළු ගෙවල්වල වළන් බිඳින්න
හැදුවේ නම් ජන මුදලින් බව දන්නවනේ... එනමුත් රගමි මගේ මුදලින් කෙරු ලෙස.... බෝඩ් ලෑල්ලෙත් නම ලිව්වේ නිකම් මනේ... කවදා මෙපව් ගෙවන්නද අපි මහා බුරුවොනේ....
ඔක්කොම රජවරු විදියට රගනවනේ... එනමුත් හිගන්නන් බව ජනයා කියන්නේ.. තුන් වෙලත් පිනටම අපි ගිලින්නේ... එබැවින් අනේ අපි සරනාගතයොනේ...
අනේ මන්දා ලෙඩාගේ සිට සභාව දක්වාම මුහුණු කුන්ද හට්ටි වාගේ !
කවද්ද දන්නේ නැහැ..මේ අලුත් කණ්ඩායම පිකටින් උද්ගෝෂණ පටන් ගන්නේ .....සුභ නැකතින්...