IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සබරගමු කෘෂි විද්‍යාපීඨ සංකීර්ණයට මුල්ගල් තබයි

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයට මුල්ගල් තැබීම (21) අද දිනට යෙදුණු සුබ මොහොතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

එම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වීමට නියමිත වූ නමුදු අයවැය දෙවනවර කියවීම ඡන්ද විමසීම පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා නොපැමිණි අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් උපසභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහභාගි වූවාය.

විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක් මෙන්ම කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ වත්මන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනාඅරච්චි මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක, කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ, වැඩ බලන ලේඛකාධිකාරී කමල් ගුණවර්ධන යන මහත්වරු සහ පරිපාලන නිලධාරිහු මෙන්ම කාර්ය මණ්ඩලය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සිදුකරන ‘සතුට‘ බිල්ඩර්ස් නිලධාරීහු මෙම අවස්ථාට එක්වූහ.

මිලියන 798ක් වැයකර ඉදිකිරීමට යෝජිත සය මහල් සංකීර්ණයේ විද්‍යාගාර 8ක්, අධි තාක්ෂණික හරිතාගාරයක් සහ ඉහළ මහලේ අවන්හලක්ද වේ. නවීන උපාංගයන්ගෙන් සපිරි මෙම සංකීර්ණය වසර 2කින් නිමකිරීමට නියමිතය.

මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ, උපකුලපති මහාචාර්ය උදය රත්නායක, මහාචාර්ය රෝහණ පී. මහලියනාඅරච්චි යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වුහ. උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ 2023 වසරේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සුහුරු විශ්වවිද්‍යාලයක් පත් කිරීමේ සිහිනය යථාර්ථයක් කිරීමට සියලු දෙනාටම එක්වන ලෙසයි.

 



අදහස් (0)

සබරගමු කෘෂි විද්‍යාපීඨ සංකීර්ණයට මුල්ගල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site