
(ඩයනා උදයංගනි)
දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.
දැවි තෙල් සහිත ජලයෙන් ඇතැම් නිවාස අඩි ගණනක් යටවී තිබූ අතර බීමට ජලය ගන්නා ළිංවලට ද එම ජලය මුසු වි ඇතැයි ද තෙල් පිරිපහදුව අවට පිරිස කියති.
ඒ හේතුවෙන් අවට පරිසරයට ද දැඩි හානි සිදුව ඇතැයි ද වාර්තා වෙයි.
ඡායාරුපය ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කිසිම දෙයකින් ගැලවුමක් නැද්ද?
දේවෝ වස්සතු කාලේන... රාජා භවතු ධම්මිකෝ..!!!
ඔය තෙල් ටැංකි ඉදි කරද්දී පිටාර මට්ටම්, ගංවතුර මට්ටම් ගැන සලකලා තමා ඉදි කරන්නේ... නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු ඒ අවට පහත් බිම් ගොඩකරලා විකුණලා ගෙවල් හදාගෙන තියෙනවා. ඇතැම් අය එහෙම පහත්බිම් ගොඩකරපු ඉඩම් මිලදී අරගෙන ගෙවල් හදලා තියෙනවා. ඉතින් වතුර බහින්න ඉඩක් නැහැ. එහෙම කියලා මේක පිරිපහදුව පැත්තෙන් සාධාරණීකරනය කරන්නත් බැහැ. එවැනි තත්වයක් එක්වරම උද්ගත වන්නේ නැහැ. පොම්ප මඟින් එම දැවිතෙල් බවුසරවලට හෝ පුරවා වෙනත් හිස් අතිරේක ටැංකිවලට පුරවන්න තිබ්බා. දැන් ඉතින් මේ මිනිසුන්ට බොන්න වතුරත් නෑ. වන්දි ගෙවන්න සූදානම් වෙන්න...!
මේ අවාසනාවන්ත සිදුවීම් අඩුකරගන්න පිරිතක්වත් කියන්න වෙයි.
ඕනෑම දෙයක සැලැස්මක් නැතිව වැඩ කළාම මෙවැනි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා. අවුරුදු 70ක් වෙලත් අපේ රට දියුණු වෙමින් පවතින්නේ ඒක නිසා තමයි...
ඒකත් ආණ්ඩුවේ වරදින් කියනවද?
කලින් කලට බලයට පත් පාලකයින් රට වෙනුවෙන් කළකී දේ නිදර්ශන පිටින් දකින්නට ලැබෙන හොඳ වකවානුවක් අපට උරුම වෙලා තියෙනවා දැන්... තවදුරටත් අප දේශපාලනයට ගැතිකම් කළයුතුද යන්න අප දහස් වරක් හිතාබැලිය යුතු යුගය උදාවී ඇත..
අපේ රටේ කරන්නේ fire fighting (සිද්ධිය උනාට පස්සේ එය සමග යුද්ද කිරීම) මේවා රටක් හැටියට බලා පොරොත්තු විය යුතු ආපදා. මේ නිසා අපහසු තත්වයට පත් වන්නේ ජනතාව.
පව් අහිංසක මිනිසු. කවුද මේවට වග කියන්නේ
අවිධිමත් සංවර්ධනයේ පෙන්වූ අවස්ථාවක් මේ...