IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සන්ධානය-පොහොට්ටුව මැතිවරණ සාකච්ඡාවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි මැතිවරණ පිළිබද සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (27)  පැවැත්විණි.
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර,ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ද, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ සහ මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුද සාකච්ඡාවට එක් වුහ. 



අදහස් (4)

සන්ධානය-පොහොට්ටුව මැතිවරණ සාකච්ඡාවක්

sirimal Tuesday, 27 August 2019 09:38 AM

පොහොට්ටුවේ සභාපති කියන්නේ කවුද කියන එක අපටනම් තවම හරියට තේරෙන්නේ නැහැ. ඔක්තෝම්බර් දින 52 ආණ්ඩුව පිහිටපු වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිසක් හනිකට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් අවස්ථාවේ ඡායාරුප සහ වීඩියෝ දර්ශන මාධ්‍ය මඟින් අපි දැක්කා. ඒවෙලාවේ මහින්ද මහත්තයා තමා අනිත් අයට සාමාජිකපත් දෙමින් සභාපති වශයෙන් කටයුතු කලේ. අර අහිංසක මහාචාර්ය තුමා පැත්ත පලාතකවත් හිටියේ නැහැ. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වාදුන් වෙලාවේ පැවතුන මහා රැලියේදීත් මහින්ද මහත්තයා නැවතත් පොහොට්ටුවේ සභාපති තනතුරට පත්කරගන්නා අන්දම අපි දැක්කා. ඊට පස්සේ ආයෙත් "පක්ෂයේ සභාපති මහාචාර්ය තුමා" කියල කියන්න පටන් අරගෙන. අද පැවැත්වුන ශ්‍රීලනිප සහ පොහොට්ටු සාකච්චාවෙන් පස්සේ මහාචාර්ය තුමා පැත්තකට වෙලා ඉන්දැද්දී මාධ්‍යයට අදහස් දක්වන්නේ බැසිල් මහත්තයා. එයා කියනවා ඉදිරියේදී "පක්ෂ දෙකේ සභාපති වරුන් දෙදෙනා"අතරේ සාකච්චාවක් තියන්න තීන්දු කල බව. ඒකියන්නේ "මහින්ද මහත්තයයි ජනාධිපති තුමයි අතරේද නැත්නම් මහාචාර්ය තුමයි ජනාධිපති තුමයි" අතරේද? එක පවුලක් රජකරවන්න යන එකෙන් වෙලා තියෙන්නේ මහා ජංජාලයක්. මහාචාර්ය තුමා පව්.

:       30       283

Raveendra Tuesday, 27 August 2019 10:04 AM

පොහොට්ටු, මල්පොකුරු අර ධාන මේ ධාන යා..// එකම හිවලුන් රගපාන නාටක ගොන් පොර යා..// ප්‍රේක්ෂකන් බැලුවත් ඔලුවල නැහැ වෙනසක් නේ..// එබැවින් පතමු දෙවි පිහිටක් වෙනසක් දැකුමට නේ..//

:       0       5

fasmy Tuesday, 27 August 2019 04:19 PM

ලංකාවේ දේශපාලන වැඩ වලට ඇමෙරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ මහතා තමයි ප්‍රධානත්වය ගන්නේ

:       0       1

Dhilak Gamage Wednesday, 28 August 2019 07:08 AM

බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site